20 සංශෝධනයට විරුද්ද බව මුස්ලිම් සංවිධාන මහින්දට සංදේශයකින් දන්වයි..

February 17, 2019 at 8:02 am | lanka C news
20 සංශෝධනයට විරුද්ද බව මුස්ලිම් සංවිධාන මහින්දට සංදේශයකින් දන්වයි..

යෝජිත 20වන ව්‍යවස්තා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විජේරාම නිලනිවසේදී පස්වන විධායක ජනාධිපති සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට සංදේශයක් භාරදෙන ලදී.

මෙහිදී ඔවුන් අදහස් දක්වමින් සිංහල ජනතාව අතර 20වන සංශෝධනය ගැන කථිකාවක් ආරම්භවී තිබුනත් දෙමළ බස කතාකරන ජනතාව අතර එවැනි කථිකාවක් නොමැතිබවත් මුස්ලිම් දෙශපාලන නායකයින් මෙය තම ජනතාව අතරට යෑමට නොදී වසන්කරගෙන සිටිනා බවයි.

සිංහල මාධ්‍ය තුල යන ප්‍රවෘත්ති දෙමළ මාධ්‍යයට පරිවර්තනය වීමෙදී හා දෙමළ මාධ්‍යයේ යන ප්‍රවෘත්ති සිංහල මධ්‍යයට පරිවර්තනය වීමේදී විශාල වෙනසක් පවතින බැවින් නිවැරදි දේ සාමාන්‍ය ජනතාවට දැනගැනීමට නොහැකි බවත්ය. එමෙන්ම මුස්ලිම් නායකයින් පසුගිය දිනවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පනී සිටිනවා යැයි කියමින් දේශපාලන පක්ශයක් වෙනුවෙන් පෙනී සිටි බවයි.

නමුත් මුස්ලිම් ප්‍රජාව තුල හැමදෙනාම මෙය අනුමත නොකරන අතර ඔවුන් පෙනී සිටින්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව තම අමාත්‍ය දූර රැකගැනීමට පමණක්ය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ශනායක මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමහරක් වෙලාවට මෙය කෙටුම්පතක් පමණක් බවද තවත් විටක එය යෝජනාවලියක් පමණක් බවත් කියනවා. මෙමගින් දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම්, සිංහල සියලු දෙනාම රැවටීමට ලක් කරනවා. අපි කියන්නේ එක එක බොරු ජනතාවට නොකියා ඔවුන්ගේ 20වන සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් කරන්න කියාය. ඔවුන්ට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නොමැති බැවින් මෙය සම්මත කරගැනීමට හැකියාවක්ද නොමැත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන සියලු දෙනාට කාලය ඉක්මවා ඇති පළාත්සභා ඡන්දය ලබාගැනීමට කිසිම උනන්දුවක් නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මම අවස්තාවට මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින් කදුරට මුස්ලිම් කවුන්සිලය – බදුල්ල, මුස්ලිම් අයිතීන් සුරකීමේ සංවිධානය – කොළඹ, බේරුවල මුස්ලිම් තරුණ සුභසාධන සංගමය, එක්සත් සාම සංධානය – කොළඹ, අහමඩ් ෆාරුක් පදනම, කෙයා ශෙයා සංධානය, මුස්ලිම් හඬ යන සංධානවල නියෝජිතයින් පිරිසක් එක්විය.

– mr midea

13,096 Viewers

3 Comments to “20 සංශෝධනයට විරුද්ද බව මුස්ලිම් සංවිධාන මහින්දට සංදේශයකින් දන්වයි..”

  1. සිංහල බන්ඩා says:

    ඔය කියන මුස්ලිම් සංවිධාන වල සාමාජිකයන් කී දෙනෙක් ඉන්නවාද? සමස්තයක් ලෙස මුසල්මනයන් රාජපක්ෂලාට චන්දෙ දෙන්නෙ නැහැ. පලාත්පාලන චන්දෙදි එක් තැනක හැර බහුතරය මුස්ලිම් වන සෑම තැනකම එජාපෙ දිනුම් පොහොට්ටුව පරාදය්. අද තත්වයත් එසේමය්.

  2. Namal says:

    මේ සියල්ල කලු සුද්දන්ගේ පාලනයට යටත්ව තිබීම මෙයට හේතුවයි.

  3. LION says:

    එක තජයක් එක බාෂාවක් එක රටක් එක ජාතික ගීයක් සැවොම පිළිපැදිය යුතුය

Main News