20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..

September 25, 2020 at 3:50 pm | lanka C news
20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..

බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගන්නේ යැයි කයිවාරු ගසා බලයට පත් වූ ආණ්ඩුව විසිවැනි සංශෝධනය මගින් පන්සිල් පද පහ ද බිඳ දමා ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනතාව නොමග යවා බොරු කියමින් ජනතාවගේ බදු මුදල් කොල්ලකෑම පහසු කරවීමට යයිද ඔහු පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විසිවන සංශෝධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කිසිවෙකු නොසලකා හිතුවක්කාර ලෙස පාර්ලිමේන්තු ගෙනවිත් ඇතැයි ද පැවසූ ඔහු සියලු බලතල තමන්ට පවරා ගැනීමට ජනාධිපතිවරයාට තිබූ හදිසිය මෙම මගින් ප්‍රසිද්ධ ප්‍රකාශ වන බවත් එය අතිශය හිතුවක්කාර සහ බලහත්කාරකමක් යැයිද පැවසීය.

20 වන සංශෝධනය ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලවත් උවමනාවක් ඇති නමුත් ඊට මහින්ද රාජපක්ෂ මහතා ගේ පොඩි ඈලිමෑලි ගතියක් පේන්න තිබෙන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

15,965 views

20 Comments to “20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..”

  1. අල්ලා says:

    ආ…. එහෙමත් සීන් එකක් තියනවාද..? අපට ෆ්වයිව් සිල් අදාල නෑ… දෙවියන්ගේ කැමැත්ත එයයි… සාමයේ ආගම නොපිලිගන්නා සැමට මරණය…

  2. සිංහල බන්ඩා says:

    බොරු කියා බොරු පොරොන්දු දී මංත්‍රි වරු මුලා කර සම්මත කර ගත් 19 අහෝසි කල යුතුමය්. 20 ට සංශෝධන එකතු කර සම්මත කරමු.

  3. සිරිසේන 2 says:

    හූල් වැනි රට බෙදන්න වලි කත කොටි රාජ්‍ය පාලනයට ගෙන එන්න මග පෑදූ 19 අහෝසි කරනු.

  4. Boo says:

    මේං බලාපල්ලා පන්සිල් රකින එකෙක්.

  5. Baba says:

    Amapa obathuma mewa kaiin kala nam budu wenna thibuna

  6. NAK says:

    අනේ මූයි මායි දන්න පන්සිල්!!!

  7. පිලිසරන says:

    ඉතිහාසය පුරා ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවතුල අතිශ්‍යන්ම අසර්ත්ක වි අත. තව වසර විස්සකින් පවත්නා ක්‍රමය වඩාත් භයානක වනු අත. දෙශහිතෙශි එඩිතර එක පුද්ගල නයකවතත්වයක් විශ්වාස කරනවා හැරෙන්නට විකල්පයක සිංහලයන්ට නොමැත. ඉදිරි වසර කිපයෙදි මෙරටට අනන්‍ය ක්‍රමයක් ඉක්මනින්ම ගොඩනැගිය යුතුය.