20 සංශෝධනය උතුර ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි.. ආණ්ඩුකාරවරයාට දැනුම් දෙයි..
September 4, 2017 at 6:48 pm | lanka C news
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට පත් කල බවට පලාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී ජයතිලක මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ උතුරු පළාත් සභාවට අද (04) පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්සපත සභාවට ඉදිරිපත් කරනු ලැබු අතර පසුව දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ද පනතට එකමතිකව විරුද්ධත්වය පල කරමින් කියා සිටියේ 13 වන ආන්ඩුක්රම ව්‍යවස්ථාවෙන් පලාත් සභා වෙත ලබා දුන් බලතල 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නැවත පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් සිදු වන හෙයින් එයට විරෝධය පා සිටින බවටයි..
මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවටද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාව හමුවේ කියා සිටියේය.
මේ අනුව උතුරු පලාත් සභාවේ තීරණය ලබන 07 වනදා උතුරු පලාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දීමටද පියවර ගෙන ඇත බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ