20 සංශෝධනය දකුණු සභාවේත් පරාදයි..සෙන්කෝලය හතරට කැඩේ.. මන්ත්‍රිවරු පොරකයි.. කුණුහරුප කියා ගහ ගනිති..[photo/Video]

August 29, 2017 at 12:00 pm | lanka C news
20 සංශෝධනය දකුණු සභාවේත් පරාදයි..සෙන්කෝලය හතරට කැඩේ.. මන්ත්‍රිවරු  පොරකයි.. කුණුහරුප කියා ගහ ගනිති..[photo/Video]

දකුණු පළාත් සභාවේ උනුසුම් තත්ත්වයක් ඇතිව ඇත. මේවන විට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාර වරයා වු හේමකුමාර නානායක්කාර මෙම ව්‍යවස්ථාව පිළිබඳව ලිපිය දකුණු පළාත් සබාවේ ප්‍රධාන ඇමතිවරයා වු ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉදිරිපත් කළේය.

මෙහි දී මෙම කෙටුම් පත කල්තියන්නට කළ ඉල්ම මත සභාව තුළ ඇතිවුයේ දැඩි නොසන්සුන් තාවයකි.එය 2017.09.12 වන දින දක්වා කල්තබන ලෙස ඉල්ලා සිටියේ දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වු ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
මේ නිසා දිගින් දිගටම සභාව උණුසම් තත්ත්වයක් හට ගත්හ.

අද 29 දකුණු පළාත් සභාව රැස්වුයේ විශේෂ සභාරැස්විමක්ලෙස කැදවා තිබිණි.ඒ පළාත් සභාවේ සභාපති සෝමවංහ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මම කියන්නේ මන්ත්‍රිවරු කියනවා නම් ජන්දයක් ඉල්ලනවා නම් මම එය සිදුකරන්නම් එයයි මම කරන්නේ සෝමවංශ කෝදාගොඩ මහතා කීය.

මහඇමති ශාන් විජයලාදසිල්ද සිල්වා මහතා.

මම කියන්නේ රටේ නිතියයි ක්‍රියාත්මකයි.ඔබතුමා තින්දුව ගන්න. ආණ්ඩුකාර වරයා තමයි බලධාරියා වන්නේ.හේතුවක් නොදන්වා මෙම් සභාව විසිරුවා දාන්නත් ආණ්ඩුකාර වරයාට හැකියි. ලිපි එවන්න උවමනාවක් නෑ.මේ තින්දු තිරණ ගන්න බෑ ඇගේ ශක්තියට කටේ හයියට කරන්න බෑ.

දකුණු පළාත් සභා වේ මන්ත්‍රි සම්පත් අතුකොරල මහතා.එජනිස

ආණ්ඩුකාර වරයා අපට බලකිරිමක් සිදුකර තියනවා.මෙම පනතට ශංශෝධනයක් දකුණු පළාත් සභාවට ගෙන්න කියමින්,හොරාර මෙය සම්මත රක්ගන්න හැදනවා.

ඝෝෂාකිරිම්,…..ඝෝෂා කිරිම්

මේ නිසා එජාප එජනිස ජවිපෙ මන්ත්‍රිවරු අතර ඇතිවුයේ මහා නොසන්සුන් තාවයකි.

දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශාලිය මහතා එජනිස

ඇමති කඩේ යන්න එපා. මතය විමසන්න.හැදියාවක් තියනවාද

දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානච්චි මහතා – හැදියාවක් නෑ.

ඇමති යු.ජී.ඩී ආරියතිලක මහතා – සභාවට මේ ගරමන්ත්‍රවරැන්ගේ මතය ප්‍රකාශ කරන්න තියනවා.මත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වනවාද කියලා මේ අය කියනවා.මෙය කල් තියන්න කියලා යෝජනා කළා.ඒ අනුව දින 14කට තමයි සිදුකළේ. එවිට මෙය කතිකා කරන්න හැකියි.

ශාන් සභාපතිතුමා වැරදි ආදර්ශ ගෙන එන්න එපා.මම යෝජනා කරනවා මෙය ඊලඟ සභාවට ඉදිරිපත් කරන්න කියලා.

දකුණු පළාත් සභා ඩි.වී උපුල් මහතා – චන්ඩිකම් දාන්න එන්න එපා.

සම්මු ආරියවංශ මහතා – චන්ඩිකම් ආවොත් අපි බලාගන්නම්. අකුරැස්සේ පාටි එපා.මැරනත් එකයි.චන්දන ප්‍රියන්ත මන්ත්‍රිමාට කියන්නේ අපි ඔනඑකකට ඔට්ටුයි.කැලෑ නිතිය එපා.ආපු ලියුම හංගාගෙන ඉන්නවා.

දකුණු පළාත් සභාවේ මන්ත්‍රි චන්දන ප්‍රියන්ත මහතා – ඇයි මොකද කියන්නේ.අපිත් ඔට්ටුයි.

(ඝෝෂා කිරිම් ඝෝෂා කිරිම්.හු කියයි. දෙගොලෝම කෑකෝගසයි)

දකුණු පළාත් සභා මන්ත්‍රි සම්මත් අතුකොරල මහතා සභාපතිවරයා අසලට ගොස් රහසක් කියයි

අන්න අන්න කලෑ නිතිය හොරකම

විනාඩි15 කට සභාව කල්තියනවා සභාපති සෝමවංහ කෝදාගොඩ මහතා නියෝග කළේය .යළිත් සභාපති සභාව කැදවුහ.

සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා – මම කියන්නේ තියෙන තත්ත්වය මත පනතට පක්ෂව ජන්දය තියන්න කියන විට ඇති වුයේ කවුරුත් නොසිතු දෙයකි.ඒ අනුව,එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා සභාවේ සෙන්කෝලය අරගෙන සභාවෙන් දිව ගියේය.

මෙම අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහුව අල්ලාගන්නට පස්සෙන් දිව ගියහ. මෙහිදී ‍මැතිඇමතිවරු පොරකමන් ගහ ගන්නා තත්ත්වයට පත්වුහ.මේ අතර,මැති ඇමතිවරු අතර ගුටිබැය හුවමාරුවක් ඇතිවුහ.

මේ නිසා සෙන්කෝලය හතරට කැඩුණුකැඩිනි. පසුව කැළි එක්කොට සෙන්කෝලය සකස් කර ගත්හ.ඒ අනුව, මන්ත්‍රිවරු හතර දෙනෙක් සෙන්කෝලයේ කෑලි හතරක් එක්කොට සෙන්කොලය සභාවේ යලිත් තැම්පත් කළහ.ඉන් පසුව,සභාවේ මතය ප්‍රකාශ කළේය.

සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා – පනතට පක්ෂව නෑ විපක්ෂව ජන්දය 27 ලැබිණි. පනත් කෙටුම්පත පරාජයට පත්වු බව මා ප්‍රකාශ කරනවා.සභාව ලබන මස 12වන දින දක්වා කල් තබන්නට නියෝග කළේය.

මින් පසුව, පක්ෂ දෙකේම මන්ත්‍රිවරු පළාත් සබා ශවණාගාරයේ දී මාධ්‍ය හමු දෙකක් පැවැත්වුහ.

මේ අතර මධ්‍යවලට අදහස් දැක් වු ශාන් විජය ලාල්ද සිල්වා මහතා කීවේ මේ සභාව නිත්‍යනුකූල නොවන නිසා අප මන්ත්‍රිවරු සමගින් සභාවෙන් පිටව ගියා යැයි කීය.

මේ අතර සන්ධානයේ දකුණු පළාත් සභාමන්ත්‍රි චම්ලි විතානච්චි මහතා කීවේ නියමිත පරිදි සභාව පැවැත්වු නිසා මෙම සභාව නිත්‍යණුකූල බවයි.

මේ අතර, දකුණු පළාත් සභාවේ සෙන්කෝලය රැගෙන එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි දිවගොස් සැඟවුනේ මන්ත්‍රිවරුන්ගේ වැසිකිළියේය. එවිට එම ස්ථානයට පැමිණි එජනිස මන්ත්‍රවරු හා එජප මන්ත්‍රිවරු අතර කෑකෝ ගසමින් පොරකන්නට වු අතර මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ගුටි බැට හුවමාරුවක් ඇතිකර ගත්හ.

වීඩියෝව මෙතනින්

– සුනෙත් ගාල්ලගේ

58 views

4 Comments to “20 සංශෝධනය දකුණු සභාවේත් පරාදයි..සෙන්කෝලය හතරට කැඩේ.. මන්ත්‍රිවරු පොරකයි.. කුණුහරුප කියා ගහ ගනිති..[photo/Video]”

  1. David Milli-Banda says:

    Shanlal ge bella thawath kota wela…………………dan papuwe.

  2. අවමංගල says:

    මගේ විස්ස පරවුනා

  3. Gayantha says:

    Munta chande thiyanna thiyena bayata thamai mai waida karanne. Ranila hadanne chanda nothiya sadakal agamathi wenna 2025 wenakan. Gahala ganna danwath !

  4. daham says:

    mehemath awalam aanduwak loke thawa kohewath thiyenawada.; munta one okkoma neethi reethi yatapath karala unge awalam uwamana itu kara ganna. my hattha balayata genenna chande dunne evuntath henama gahanna one me ratata karana aparadhawalata.