20 සංශෝධනය යක්‍ෂාගමනයක්.. රට යලි 1980ට යනවා..

September 23, 2020 at 4:40 pm | lanka C news

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් දැයි සැකයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

මෙම සංශෝධනය මගින් ගෝත්‍රික පවුලක් වටා බලය ගොඩනඟන බවත් එමගින් රට අවුරුදු හතළිහක් ආපස්සට ගෙන යන බවත් ඔහු කියා සිටියේය.

20 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තුව මරා දමන බවත් එය සම්පූර්ණයෙන්ම යක්ෂාගමනයක් යයිද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කලේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදීය.

25,044 views

14 Comments to “20 සංශෝධනය යක්‍ෂාගමනයක්.. රට යලි 1980ට යනවා..”

  1. ගරසරප says:

    80 නෙවෙයි 78

  2. Aurora says:

    කාලකන්නි ජවිපාවෝ කොල යට හැoගිලා හිටපු කූඩැල්ලන් පොද වැස්සට මතුවෙනවා වගේ 20 එල්ලෙන්න බලනවා. 2019 ජනාධිපති වරනය පැවත්වුයේ නොතියම බැරි නිසයි. 1977 චන්දෙන් පසු හැම චන්දයක්ම තිබ්බෙ ඉතමත්ම අකැමත්තෙන්.

  3. Nonoris says:

    20 නොගෙනාවොත් තොපි රට 88 /89 ට ගෙනියනවා.

  4. siri says:

    Bimalo dan thopi avalagu kasi, thopi thama doller walin yapena paraputuwo, janathwa hondata danagena thama thopi prathikshepa kale.

Main News