20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..

September 10, 2020 at 3:50 pm | lanka C news
20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය නීතිඥ එකමුතු සඳහන් කරයි.

මෙම සංශෝධනය මගින් මුලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගෙන ඇති බවත් එනිසා තුනෙන් දෙකේ බලයකින් සම්මත වීම මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ යයයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමට අපේක්ෂා කරන බවත් ඒ ගැන මේ දිනවල සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පිටකෝට්ටේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

39,308 views
Main News