20 සම්මත කරන්න.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදවන්න..- මැදගොඩ හිමි සියළු මන්ත්‍රීන්ගෙන් ඉල්ලති..
October 21, 2020 at 10:00 am | lanka C news
20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ජයග්‍රහණය කරවා එහි ඇති ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය පරාජය කළ යුතු යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
පසුගිය පාලනය විසින් 19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවයට නීති ගෙන ආවේ පුද්ගලබද්ද චේතනාවෙන් බවත් එය නැවත ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ පුද්ගලබද්ධ චේතනාවෙන් නම් එය ද පිළිගත නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.
ද්විත්වපුරවැසි නීතිය බලාත්මක කිරීම රටේ මතු ආරක්ෂාවට අවශ්‍ය යැයිද උන්වහන්සේ අදහස් කියා සිටියහ.
කොටි පරදන සටනේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙකු ලෙස පුවත් එම සටනට විශිෂ්ට ලෙස නායකත්වය දුන් බවත් එනිසාම අද ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරය දක්වා ඔසවා තබා ඇති බවත් ඒ හිමියෝ සඳහන් කළහ.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අභයතිස්ස හිමියන් මෙම අදහස් පල කරන ලදී.
ඕක කොරන හැටිත් කියලා දෙනවා ද මචාර හාදුරුවනේ !