20 සම්මත කරන්න.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදවන්න..- මැදගොඩ හිමි සියළු මන්ත‍්‍රීන්ගෙන් ඉල්ලති..

October 21, 2020 at 10:00 am | lanka C news
20 සම්මත කරන්න.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදවන්න..- මැදගොඩ හිමි සියළු මන්ත‍්‍රීන්ගෙන් ඉල්ලති..

20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ජයග්‍රහණය කරවා එහි ඇති ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය පරාජය කළ යුතු යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

පසුගිය පාලනය විසින් 19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවයට නීති ගෙන ආවේ පුද්ගලබද්ද චේතනාවෙන් බවත් එය නැවත ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ පුද්ගලබද්ධ චේතනාවෙන් නම් එය ද පිළිගත නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.

ද්විත්වපුරවැසි නීතිය බලාත්මක කිරීම රටේ මතු ආරක්ෂාවට අවශ්‍ය යැයිද උන්වහන්සේ අදහස් කියා සිටියහ.

කොටි පරදන සටනේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙකු ලෙස පුවත් එම සටනට විශිෂ්ට ලෙස නායකත්වය දුන් බවත් එනිසාම අද ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරය දක්වා ඔසවා තබා ඇති බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අභයතිස්ස හිමියන් මෙම අදහස් පල කරන ලදී.

50,529 views

19 Comments to “20 සම්මත කරන්න.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදවන්න..- මැදගොඩ හිමි සියළු මන්ත‍්‍රීන්ගෙන් ඉල්ලති..”

  1. saman says:

    ඇයි ඒ වගන්තිය අවුල්ද?

    • බීරලු says:

      නීති විශාරදයන් පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයාව රවටනවා…!

      ද්විත්ව පුරවසි සීමාවට ඉඩ දීමත් 19 යේ කුමන්ත්‍රණය යට ගැසීමේ කැරට් අලයක්…!

    • saman says:

      කකුල් දෙපැත්තේ තියන් දේශපාලනේ කරන්න හදන්නේ ලංකාව ෂුවර් නැති නිසානේ .

      • CAT says:

        MCC කළු තරුව ක්‍රියාත්මක කිරීමේ එක පියවරක් තමයි 20 සම්මත කරණ ද්විත්ව පුරවැසි වගන්තිය ..මෙය පැරදවිය යුතුයි …20 සංශෝධනය හකුලා ගනු
        13 සංශෝධනය සහ 19 අහෝසි නොකර මොකටද තවත් 20 සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට …20 සමහර පනත් කෙටුම්පත් රටට අහිතකරයි …මුළු රටම 20 සංශෝධනයට විරුද්ධව පෙරට වරෙව් ගෝඨාභය ජනපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය රකින හැටිද මේ …කණගාටුයි

      • Vasana says:

        ද්විත්ව පුරවැසියන් අවස්ථාවාදීන් තමන්ගේ මාතෘ භූමියට ආදරය කරන කිසිවකු වෙනත් රටක පුරවැසිභාවයක් නොගනී ..එනිසා ද්විත්ව පුරවැසි වගන්තිය පරදවන්න ..20 හකුලා ගතයුතුයි

  2. Hudson says:

    Yako abethissa, Dual citizenship ekath 20 kallak. ethakota Andara demala dodawanna epa.

  3. meme says:

    ද්විත්ව පුරවැසියන්ට ශ්‍රිලංකාවේ ඉඩම් මිලදීගැනීමේ සහ හිමිකාරීත්වයට සීමාවක්ද දැමිය යුතුය ..

  4. ක්‍රිමිනල් says:

    දැනට අපි දන්නා විදියට 20 ට, ද්විත්ව පුරවැසිභාවය ඇතුලත් , ගොඨාභය රාජපක්ශ මහතා ආරක්ශක ලේඛම් ධූරය දරද්දී ඔහු ද්විත්ව පුරවැසියෙක් , නමුත් ඔහු ජනාධිපති අපේක්ශත්වය දරද්දී තමන් දැරූ ඇමෙරිකාණු පුරවැසිභාවය අත් හරිනවා , ඒ ඔහුට ඇමෙරිකාවට වඩා උපන් රටේ වටිනාකම වැඩිපුර දැනුනු හින්දා සහ රටේ ආණ්ඩූක්‍රම වියවස්ථාවට අනුගත විය යුතු හින්දා , බැ.රා අමාත්‍යාංශයක් නොතිබුනාට රටේ පාලන තණ්ත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරන පුද්ගලයෙක් සහ එකහෙලාම තම ඇමෙරිකාණු පුරවැසිභාවය අහෝසී කිරීම ප්‍රතික්ශේප කරනවා! ඔහු උදෙසා ආණ්ඩුක්‍රම වියවස්ථාව වෙනස් කරනවනං සහ එයට සහයෝගය දෙනවනං , එක්කො උන් පිස්සො ,නැත්තං මේ රට ගැන කිසිම හැගීමක් නැති කල්ලතෝණී.

    • wijebahu says:

      Goatbhaya gave away his US citizenship with great sadness because he wants be the president of Sri Lanka. if he had a opportunity to keep it he definitely would have kept because all these guys value their US citizenship, so he does not like his brother to go through the same sadness what he had to go through. another reason he will have another opportunity to reclaim back the US citizenship provided he can get rid off this clause from the constitution. so biggest irony is these people are claimed to be the most patriotic in Sri Lanka. I can laugh from my back side. constitution will never protect the masses of Sri Lanka any more but it will protect all of those opportunistic politicians.

      • ක්‍රිමිනල් says:

        Couldnt agree with you more ! Sri Lankan constitution has been made to protect only cut-throat politicians , not the masses who empowered the politicians .it’s sad to see more than half of local buffoons has been eating their sour grape. Our beloved motherland has become yet another banana republic !

  5. chamin says:

    අමු අමුවෙ මිනී මැරුවත් නඩු දාන්න බැරි වගන්තිය?
    ගොටා නොකලත් පස්සෙ එන ජනාදිපතිල මොක්කු වෙයිද කවුද දන්නෙ

  6. පසන් says:

    වගන්තිෙයන් වගන්තිය ෙගන අනුමත කිරීමට ෙයා්ජනා කරන්න

  7. Memopad says:

    We saw, tested how duel citizen ruin this country from the massive bond fraud. Still no one caught. Then we saw actress Kumarasinghe forfeited her dual citizenship. Then Mr Gotabhaya Rajapakse, did the same by giving a sole example to the country. So why someone, so keen to abolish this law. Only one man, behind the curtain wanted to do that. Let him relinquish his dual citizenship with USA and enter to the parliament via Professor in Economics now in the lobby, sponsored by him

    • ක්‍රිමිනල් says:

      Dude ! Its family business backed by 6.9 million buffalo citizens . They have no idea what so ever about what’s the capital F is constitution and its effect on society . They simply say Amen to what ever Rajapaksha’s said and done. Pure slavery at it’s best.

  8. MrB says:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි…සියලු රජයේ තනතුරු වලට ..ද්විත්ව පුරවැසියන් සම්බන්ධ නොකර ගත යුතුයි.

  9. Sam Fernando says:

    ඒකට අපි එකඟයි අපේ හාමුදුරුවනේ

  10. saman says:

    හා හාමුදුරුවනේ අපි එහෙම කරන්නම්

Main News