20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ..

October 18, 2020 at 2:25 am | lanka C news
20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ..

20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ බලයක් නොලැබෙන බවත් පෙර සිටි ජනාධිපතිවරුන්ටත් වඩා අඩු බලයක් මෙයින් ලැබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අයට වඩා අඩු බලයක් තමයි 20 වෙනි සංශෝධනයෙන් ලැබෙන්නෙ. ඒ කියනනේ 19 ට පෙර තිබූ තත්ත්වයමයි. අමුුතු බලයක් ලැබෙන්නෙ නැහැ.

19 අහෝසි කරන්න 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිතුමාට ජන්දය දීලා තියෙනවා. අපි දැක්කනෙ 19 හින්දා එක පැත්තකින් ආර්ථිකය විනාශ වුනා. තව පැත්තකින් රටේ ආරක්ෂාව පිරිහුණා. මහබැංකුව මංකොල්ල කෑවා. අපිට ඕනේ එහෙම ව්‍යවථාවක් නෙමේ. 19 වෙනි සංශෝධනය වෙනස් කරනවා කියලා අපි ජනතාවට පැහැදිලිව කීවා. ජනාධිපතිවරණයේදීත් ජනතාව අනුමැතිය දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව තුනෙන් දෙකක බලයක් එක්ක අනුමැතිය දීලා තියෙනවා.

අපි ලබන 22 බ්‍රහස්පතින්දා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකක බහුතරය බලයකින් සම්මත කරලා රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වූ ආර්ථිකය හා අනෙකුත් සංවර්ධනයට බාධාවන දේවල් අයින් කරලා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව අනුව ජනාධිපතිතුමාට රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා වගේම නිලධාරීන්ටත් වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය මින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

– midea unit

37,476 views

14 Comments to “20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ..”

  1. ක්‍රිමිනල් says:

    කුඩු ලංසලා දන්නවා , බෛයො කියන්නේ තමන්ගේ වහල් ස්වාමියො කියන ඔනම දෙයක් පිලිගන්න උපංගෙයි මෝඩ වහල්ලු කොට්ඨාශක් කියලා , එත් ලක්ශ 69 කියන්නේ ඉහත කී අමු ගොං වහල්ලූ නොවන බව ලංසලා දැනගත යුතුයි , යමක් කමක් තෙරුම් බෙරුම් කරගන්න පුළුවන් , මිලියන දෙක ,තුනක බෛයො කොට්ඨාශක් ඔය අතර ඉන්නවා , එ කොටස අන්දන්න උබලගේ ලුණු ගොරකා මදි වෙවී ,ඉතාමත් නුදුරේදී ඔය ඇන්දිල්ලට උන්ගෙන්ම උත්තර හම්බ වේවී.

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ලන්ස 19 දන්නෙත් නෑ,20 දන්නෙත් නෑ.දන්න එකම දේ අපි මෙතන කියන්නෙත් නෑ.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ලන්ස 19 දන්නෙත් නෑ,20 දන්නෙත් නෑ.දන්න එකම දේ අපි මෙතන කියන්නෙත් නෑ.

  4. Lankikeya says:

    19 ye saadaneeya wenaskam sidu kota Janaadhipathi thumaata akkaryakshama raajya saywaye kaaryakshama kireemata awashya blaya ynaadiye labaadiyayuthui. Eheth awashyathaawata wadaa kerena anawashya wenaskireem nisaa idiriyedi mandabuddikeyek thanathurata pathwuwoth kumak siduweda yanna gane danatamath api athwinda thiyenawa. Kumak wuwath Lansa wani deshapaalana eheiyan anda kaippu kawichchi gaanata kiyawana may wage dewal nisaa danumak ethi mahajanathaawa mulu rajaya ganame eay mimen maninne ganne eke walak wanne bahe.

Leave a Comment

Main News