20 හැදුවේ කවුදැයි කැබිනට් ප‍්‍රකාශක කියයි..

September 17, 2020 at 2:10 pm | lanka C news
20 හැදුවේ කවුදැයි කැබිනට් ප‍්‍රකාශක කියයි..

විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ප්‍රධානත්වය ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ සඳහා සම්පූර්ණ සාමූහික වගකීමකින් කැබිනට් මණ්ඩලය කටයුතු කළ බවද ඔහු පැවසීය.

එය කෙටුම්පත් කරනු ලද්දේ ජනාධිපතිවරයා ගේ සහ කැබිනට් මණ්ඩලය අනුමැතිය සහිතව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කලේය.

අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

41,638 views

16 Comments to “20 හැදුවේ කවුදැයි කැබිනට් ප‍්‍රකාශක කියයි..”

  1. John the baptice says:

    සබ්රි මහතාට දැන් බේරෙන්න පුලුවන්.

  2. පවතින ව්‍යවස්ථාව සාදා ඇත්තේ පුර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු සහිතවය.
    එසේ නොමැතිව මයිතුනයා වැනි පබරාලෙකු බිහිකොට රට අගාදයට දැමීමට නොවේ.
    19 ගෙනා මෝල් වහන්සේලා දෙපළ ,ජනතාව විසින් කන් අඩි පලා දේසපාලන සුසානය වෙත යවා අවසන්ය.