20 හැදුවේ කවුදැයි කැබිනට් ප‍්‍රකාශක කියයි..

September 17, 2020 at 2:10 pm | lanka C news
20 හැදුවේ කවුදැයි කැබිනට් ප‍්‍රකාශක කියයි..

විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ප්‍රධානත්වය ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ සඳහා සම්පූර්ණ සාමූහික වගකීමකින් කැබිනට් මණ්ඩලය කටයුතු කළ බවද ඔහු පැවසීය.

එය කෙටුම්පත් කරනු ලද්දේ ජනාධිපතිවරයා ගේ සහ කැබිනට් මණ්ඩලය අනුමැතිය සහිතව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කලේය.

අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

41,773 views

16 Comments to “20 හැදුවේ කවුදැයි කැබිනට් ප‍්‍රකාශක කියයි..”

  1. abu Bakar says:

    යාපනය විශ්ව විද්‍යාලයේ ඇතැම් පීඨවල සිංහල සිසුන් අතර නවක වදය නව මුහුණුවරකින් අමානුෂික ලෙස ක්‍රියාත්මක වන බවට තොරතුරු පළව තිබේ. යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ පළමු වසර සඳහා සිසුන් 170කට ආසන්න ප්‍රමාණයක්
    ලියාපදිංචි වී සිටින අතර මේ වනවිට එම සිසුන් සියලු දෙනාම මෙම නවක වදයේ ගොදුරු බවට පත්වෙමින් සිටිති.
    ජංගම දුරකථන මඟින් සහ වට්ස් ඇප් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය භාවිත කර පිරිමි සිසුන්ට වීඩියෝ ඇමතුම් හරහා විවිධ ලිංගික හැසිරීම් සිදු කරන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලකරනු ලැබ ඇති අතර වාර්තා වන ආකාරයට එම පීඨයේ කාන්තා සිසුවියන්ටද ඇතැම් පිරිමි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් ඔවුන්ගේ නිරුවත් පින්තූර එවන ලෙසට බල කර ඇති බව වාර්තා වේ.
    මෙම සිදුවීම් උග්‍ර ලෙස සිදුව ඇත්තේ පසුගිය 12 වැනිදා සහ 13 වනිදාය. සරසවියේ නවක සිසුන් රැස් කොට රැස්වීම් පැවැත්වීම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ තහනම් කොට ඇති නිසා ජ්‍යෙෂ්ඨ සිසුන් බෝධි පූජා ආශිර්වාද පිංකමක් පවත්වන බව පවසා පසුගිය 11 වැනිදා නවක සිසුන් යාපනය නාග විහාරයට කැඳවා සරසවිය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දේශන ලබා දී ඇති අතර සෑම සිසුවකුගේම ජංගම දුරකථන අංක ඇතුළු තොරතුරු ලබා ගෙන ඇත.

    • දිලිත් says:

      මෙයා මගුලක් කතා කරනවා.. ඩෝ සර්ගෙ 20 ගැන කතා කරන්න

  2. ලංකා says:

    යේක ශරි…යේ වුණාට නීතිපති දෙපාර්තමේන්තුව තමා නීතිමය වශයෙන් වගකිව යුතු. ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් පනත් කෙටුම්පත් ප්‍රසිද්ධ කිරීමට නීතිපති උපදෙස් දීම වරදක්. 2002 දි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනෙක් කියපු විදිහට නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පොළඹවා නීතිපති ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකර ජනතාවගේ මුදල් නිරපරාදේ නාස්ති කර නීති අර්බුදයක් ඇති කිරීම ජනාධිපතිට යට ගහන්න බෑ

    • සානිකා says:

      සර් හරි ඉදිරිපත් උන එක…..
      කෑලෑ කැපපු එකටත් සර්ම ඉදිරිපත් වෙන්නකො.. ..
      එකෙක් නෑ සර් ඒකටත් වගකීම බාරගන්න ඉදිරිපත් වෙන්නෙ

  3. saman says:

    කොම්පුටර් කොටපු අයට පුළුවන් ද?

    • කාන් says:

      ජාතික චින්තනේ ව්කිණීමට කොම්පියුටරය ඉතා හොද බඩුවක්.

    • Wijebahu says:

      No wonder, who has a dictatorial tendencies has created it and no clue of a democratic governance.

  4. kalakanni indika niroshan d s senanayake college says:

    Pala pako ara GL NAAKI BALAA HADUWE.
    GOTA SAHA USA HORA GIVISUMA ELI KARAPIYAW

  5. සුනිල්සේනා says:

    මේක නම් හරි බයානකයි. අපි චන්දෙ දුන්නේ මහින්ද මහත්තයා දුන් නායකත්වය නිසා. එතුමා නැවත පියුන් කෙනෙක් වෙන්න යන්නේ කියා යූඑන්පී කාරයොයි ජෙප්පොයි අපට කෝචෝක් කරනවා. එතුමාට 2018 දී දින 52 කාලයේ මීට වඩා බලය තිබුන. එතුමා පත් කල කමිටුවේ කරුණු නොඅසා කටයුතු කිරීම ඉතා කනගාටුදායකයි. පාර්ලිමේන්තුව ඕනෑම වෙලාවක විසුරුවන්නට බලය දීම ඉතා භයානකයි.

  6. ඇම්ඩා says:

    2002 දී රනිල් ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හැදුව. ඒ අවස්ථවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක් කිව්ව 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරනවානම් පාර්ලිමේන්තුවෙ 2/3 සහ ජනමතවිචාරණයකින් ජනතාවද අනුමත කළ යුතු බව. නමුත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවා ගන්න බැරිව ජනමතවිචාරණක් තියන්නෙ නැතිව 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගෝඨාභය ආණ්ඩුව හදන්නෙ ඇයි? ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ කියවා ගන්න තරම් ඉංග්‍රීසි දැනුමක් නැද්ද?

  7. Sarath says:

    ඉතාම සතුටුයි.අපි ඡන්දෙ දුන්නෙ ගෝටාභයටයි.මහින්ද මහතා පියුන් වෙනවා කියා අමුතු අාදරයක් මොටද?යහපාලනයට රට දක්කා විනාශ කළ එවුන් ගේ කිඹුල් කඳුලු අපට එපා.සියලු විධායක බල අැති නායකයෙක් අපට ඕන.3/2 බලය දුන්නෙ එයටයි.දැන් මන්ද පමා.

  8. saman says:

    ඇති යාන්තන් හදපු එකා හොය ගත්තා

  9. ata nama lakse says:

    හොරගෙඩියා එතකොට විගණකාධ්පතිට audit කරන්න එපා කිව්වෙ ඔයාද😃

  10. sinhale le says:

    රුවන්වැලි සෑය ලග දියුරපු නිසා අපි එතුමා විස්වාස කරනවා රටට අහිතක දෙයක් නොකරාවි කියා.

Main News