2,000 දෙන්නේ හිතවතුන්ට පමණක් යයි චෝදනා…

August 30, 2021 at 6:20 pm | lanka C news
2,000 දෙන්නේ හිතවතුන්ට පමණක් යයි චෝදනා…

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජිවන උපාය අහිමි වු අඩු ආදායම්ලාභින් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 2000 දිමනාව නොර්වුඩ් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරුන් සහ ග්‍රාමිය කමිටුව විසින් ඔහුන්ට හිතවත් අඩු ආදායම්ලාභි නොවන අයට ලබාදෙන බවට නොර්වුඩ් ප්‍රදේශයේ එම මුදල නොලද අඩු ආදායම්ලාභින් චෝදනා කරයි.

එම නගරයේ ග්‍රාමිය කමිටුව විසින් විසින් ලබාදුන් ටෝකන් පත්‍රයකට පමණක් ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් රු 2000 දිමනාව ලබාදුන් බවත්, එම මුදල නොලද විශාල පිරිසක් නෝර්වුඩ් ප්‍රදේශයේ සිටින බවයි එම දිමනාව නොලද ප්‍රදේශවාසින් කියා සිටියේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ග්‍රාමසේවා නිලධාරිවරුන්ගෙන් අප කල විමසුමකට ඔහුන් කියා සිටියේ අඩු ආදායම්ලාභින් වෙත ගෙවිම සදහා තමන් විසින් ඉල්ලු මුදල් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් ලැබුණු නිසා ග්‍රාමිය කමිටුව විසින් නිර්දේශ කල සියළු දෙනාට එම මුදල ගෙවිමට නොහැකි වු බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,580 views

5 Comments to “2,000 දෙන්නේ හිතවතුන්ට පමණක් යයි චෝදනා…”

  1. Tikka says:

    ඔක්කොටම දෙන්නේ කොහොමද ලොක්කන්ට හොරා කන්ඩත් තියෙන්ඩ එපාය. අගමැති සුනාමි සල්ලි හොරා කෑව නන් අනිත් ඇමතිලා කරපුවම මොකෝ

  2. Silva says:

    කිසිම ගුනයක් නැති මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ . කොරත් වැරදි , නොකලත් වැරදි .

  3. Truth says:

    Pohttowata danna apita apa

  4. අමරබංදු says:

    පන්සලේ තක්කඩි දුශ්ශීලයගේ ලැයිස්තුවත් දෙනවා. ඇහැට කණට පෙනෙන උපාසිකාවන්ට ප්‍රමුඛත්වය ..