2000 පෝලිමේ ගාලගෝට්ටියක්..

August 28, 2021 at 4:40 pm | lanka C news
2000 පෝලිමේ ගාලගෝට්ටියක්..

හැටන් දික්ඔය ප්‍රදේශයේ ජිවන උපාය අහිමි වු අඩු ආදායම් ලාභින් වෙනුවෙන් රු 2000 දිමනාව ලබාදිමට පැමිණි දික්ඔය 319 ග්‍රාමසේවා නිලධාරිවරයා සහ මුදල් ලබා ගැනිමට පැමිණි පිරිසක් අතර (28) දින ඇති වු දැඩි උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමසේවා නිලධාරිවරයා එම මුදල් ලබානොදි එම ස්ථානයෙන් ඉවත් වි ඇත.

දික්ඔය වසමේ 150 දෙනෙකු අඩු අදායම්ලාභින් වශයෙන් ග්‍රාමිය කමිටු විසින් තොරාගත් නාම ලේඛණය ග්‍රාමසේවා නිලධාරිවරයා වෙත ලබා දි ඇති අතර , එම තොරාගත් පිරිස වෙනුවෙන් රු 2000 දිමනාව (28) දින ගෙවිම සදහා දික්ඔය හින්දු කොවිලේ උත්සව ශාලාව වෙත ග්‍රාමසේවා නිලධාරිවරයා පැමිණ ඇත.

එම උත්සව ශාලාවට රු 2000 දිමනාව ලබා ගැනිමට සුදුසුකම් නොලත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඔහුන්ටද රු 2000 දිමනාව ලබාදෙන ලෙස ග්‍රාමසේවා නිලධාරිවරයාගෙන් කල ඉල්ලිමක් අනුව දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව ග්‍රාමසේවා නිලධාරිවරයා කිසිවෙකුට මුදල් ලබා නොදි එම උත්සව ශාලාවෙන් පිටත්ව ගියහ.

ප්‍රදේශවාසින් පවසන්නේ ග්‍රාමසේවා නිලධාරිවරයාට හිතවත් අයට පමණක් අදාල මුදල ගෙවිමට කටයුතු කර ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,474 views

7 Comments to “2000 පෝලිමේ ගාලගෝට්ටියක්..”

  1. හැටන් says:

    මේ වගේ සිදුවීම් වෙන්නේ හැටන්වල විතරද?

  2. ගන්ජ බන්ඩා says:

    සජී ජනාධිපති නම් 2000 නෙවෙය් 20,000/- ගනනෙ යන එන හැමෝටම දෙනවා.

  3. loll says:

    mee musala anduwanam kohe giyath hathpolee gagannawa, pudumakara muspenthu adnuwak

  4. Silva says:

    රජයේ එන්නත් වැඩ සටහන අසාර්ථකයි කියලා පෙන්නන්න සංවිධානාත්මක කඩාකප්පල්කාරී වැඩ සටහනක් ජේවීපී කාරයෝ සහ සමගි බලයේ අය ඒකාබද්ධව සිදුකරගෙන යනවා .

  5. 3% ට බය බයියා. says:

    බැසිලාගමනයට මාස 2යි.රු.2000/= ට මරාගන්නා රටක් බිහි විය.

  6. කැලණියේ නයා says:

    ලෝකෙන් උතුම් රට අභිමානවත් හෙළයා රටේ එක හාල් ඇටයක් නැතුව තම්බියගෙන් හාල් ගෙන්නන තෙල් ටික ණයට ඉල්ලල තම්බි ලග හිගමනේ යන එදා අපේ දූවිල්ලක් තරම් නොවුන බන්ගලියන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් එදා වේල සේප් වෙන රුපියල් දෙදහක් ගන්න පෝලිමේ ඉදන් පොරකන ඒ දෙදහෙනුත් සීනි කිලෝවයි හාල් කිලෝවයි පොල් ගෙඩියයි ගත්තම වාෂ්ප වෙන කුල්ල කිජීත තත්වෙට වැටේ කියල බොලා හිතුවද බයියනේ .එදා කැලනියේ ලොකු සාදු පෝට්ටුව වන වනා කිව්ව සුබ කාලෙ මේකද

  7. වසලයා says:

    බූරු පුතානෝගේ රුපියල් දෙදාහක කප්පම් මුදලට මෝඩ ගුරුවරු රැලක් පාරට බැහැලා දැන් දිගට හරහට මැරෙන්න පටන් අරන්. රුපියල් දෙදාහ වගේම තමන්ගේ ජීවිතය ගැන හිතන්නත් ඕනෑ. දේශපාලු සැට් එක බලන්නේ උන්ට බලය ගන්න විදිහ විතරයි.