2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

September 7, 2021 at 10:40 am | lanka C news
2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06)  දින අත්අඩංගුවට ගනු ලැබීය.

උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි අදාල ධානපතියාගේ නිවසේ සිට මෙලෙස එක් වැසියෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබීමත් සමග එම ස්ථානයට විශාල පිරිසක් සෞඛ්‍ය නීති කඩකරමින් එක්රැස් වී ඇත.

එහිදී අදාල සිදුවීම පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට සහ සෞඛය නිලධාරීන්ට වාර්ථා වීමත් සමග එම ස්තානයට ගිය පොලිස් නිලධාරීන් විසින් රැස්ව සිටි පිරිස් නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් විසුරුවා හැරීමට පියවර ගෙන අදාල ධානපතියා සමග මුදල් බෙදමින් සිටි තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගනු ලැබිය.

පොලිස් භාරයට ගත් පිරිසගෙන් සිදුකරන ලද ප්‍රශන කිරීමේදී අනාවරනය වී ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිටින තම පුතා විසින්  ධානපතියාට මුදල් එවූ බවටත් එම මුදල් සාමාන්‍ය ජනතාවට බෙදාදෙන ලෙසට තම පුතු විසින් ඉල්ලීම නිසා එලෙස මුදල් බෙදා දීම සිදුකල බවටය.

මෙලෙස මහජනතාවට එක් අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් කෝටි 2 ක පමණ මුදලක් බෙදා දීමට සූදානමක් තිබූ බවටද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලිස් භාරයට ගත් පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මුදාහැරීමට නෙල්ලිඅඩි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

143,609 views

21 Comments to “2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….”

  1. Sagarika Alvis says:

    ane ammo meya karana wada. kamkuth nh eka athkin moka unath janthawataneh. ratatama dunna nam hari.

  2. Hora Polis says:

    Policiyata karanna thibune athadanguwata ganeema nowa , nirodaayayana neethi anuwa janathaawa paalanaya kireemai. E duppath minissunta 2000/ naha, deepu manussayawa athadanguwata aragena. My car, My money, My petrol!

  3. baiya says:

    OWAGE KUJEETHA WADA THAMAYI POLISIYATATH PULUWAN

  4. Third Umpair says:

    මේ වගේ පොලිස් බල්ලො , ඔලුවේ ඉඳන් හම ගහන්න ඕන .

    දුප්පත් මිනිහෙකුට පාර්ට් දාන මේ වගේ හිඟන්නෝ ගැන , පොලිස්පති ශ්‍රී ලාංකිකයන් ගෙන් සමාව ගන්න ඕන .

  5. Dengu Nona says:

    Mama hithuwaa, salli beduwe Raajapaksa Samaageme kotiathiyek kiyalaa!

  6. Amda says:

    ඇයි බන් ඌව අත් අඩන්ගුවට ගන්නෙ?
    ඌට ඒක මිනිස්සු එක රැස් නොකර ගෙවල් වලට ග්‍රාම නිලධාරි එක්ක ගිහින් සිස්ටමැටිකලි කරන විදිය කියල දෙන්නෙ නැතුව?
    ඔය සමහර මිනිසුන්ට සල්ලි තිබුනට මොලය නෑ..නමුත් චේතනාව හොඳ ඇති. ඒ මිනිසුන්ට මඟ පෙන්වන්න

  7. Chiraj says:

    පොලීසිය තමා හොදටම කලේ..

  8. Ajith says:

    එහෙන් රජයේ ඇමති කාරයන්ම විදේශයන්හි ඉන්න දානපතියන්ගෙන් මුදල් හින්ගකාන්න කියනවා. උන් දේශපාලකයන් එකතුකරගත්තේ නැතිවුනාම අත් අඩංගුවට ගන්නවා

  9. AAjithfern says:

    එහෙන් රජයේ ඇමති කාරයන්ම විදේශයන්හි ඉන්න දානපතියන්ගෙන් මුදල් හින්ගකාන්න කියනවා. උන් දේශපාලකයන් එකතුකරගත්තේ නැතිවුනාම අත් අඩංගුවට ගන්නවා ok

  10. Viveka says:

    He is lying many people got the jab Because he said they will consider checking the vaccine card to travel, to be in com on places. Now they are backing bexaaue many people including monks, lawyers going to courts for human rights violation for forcing and experimental drug on us. Police taken people by force and jabbed they came to houses searching for unvaxxed and jabbed many died. That Adela ginawardhana said in task force meeting sir we should some how get these people injected even by using the army people and forcefully inject those were shown in news. Followed by that Kandy private buses didnt take people who hadn’t vaccinated

Main News