2002 රනිල්-ප‍්‍රභා ගිවිසුම ඉතාම ඉහලින් මං ආරක්‍ෂා කලා..- අපේ කොටි දරුවන්ගේ කතාවෙන් පසු රාජිතගෙන් තවත් ෆුල්ටොස් පන්දුවක්…

May 22, 2018 at 10:29 pm | lanka C news
2002 රනිල්-ප‍්‍රභා ගිවිසුම ඉතාම ඉහලින් මං ආරක්‍ෂා කලා..- අපේ කොටි දරුවන්ගේ කතාවෙන් පසු රාජිතගෙන් තවත් ෆුල්ටොස් පන්දුවක්…

2002-2004 පැවති එක්සත් ජාතික පක්‍ෂ රජය හා කොටි සංවිධානය අතර අත්සන් කරන ලද සාම ගිවිසුම තමන් ඉතාම ඉහලින් ආරක්‍ෂා කල පුද්ගලයෙක් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එම මැතිවරණයේදී මෙන්ම පසුගිය මැතිවරණයේදීද තමන් විශාල ඡුන්ද ප‍්‍රමාණයක් කළුතර දිස්ත‍්‍රික්කයෙන් ලබා ගත්තේ ජාතිවාදීන් මෙරට නැති නිසා යයිද ඒ මහතා සදහන් කරයි.

මෙරට ජාතිවාදීන් සිටින්නේ දේශපාලඥයන් හා මාධ්‍යවේදීන් අතර මිස ජනතාව අතර නොවන බවද ඒ මහතා කියා සිටී.

645 views
Main News