2011 ලෝක කුසලාන තරග පාවාදීම චෝදනාව බොරු.. විමර්ශණ අත්හිටුවයි..

September 23, 2021 at 3:50 pm | lanka C news
2011 ලෝක කුසලාන තරග පාවාදීම චෝදනාව බොරු.. විමර්ශණ අත්හිටුවයි..

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ‍්‍රී ලංකාව පරාජය වීම තරග පාවාදීමක් යයි හිටපු ක්‍රීඩා ඇමති වරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පදනමක් නැති බව රජයේ නීතිපතිවරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව එකී ප්‍රකාශය පදනම් කරගනිමින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන එ්කකය කරන ලද පරීක්ෂණ අවසන් කර තිබේ.

කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු එවකට කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම පොලිසිය විසින් ඒ අනුව ප්‍රශ්න කරන ලදී.

එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස පොලිස් ඒකකයට දැනුම් දී තිබින.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එවක සඳහන් කළේ තරග පාවා දීම සම්බන්ධයෙන් සාක්ෂි ද තමන් සතුව පවතින බවයි.

28,428 views

12 Comments to “2011 ලෝක කුසලාන තරග පාවාදීම චෝදනාව බොරු.. විමර්ශණ අත්හිටුවයි..”

  1. නාවලපිටියේ තොල්කබරයා says:

    මූ කට ඇරියොත් නැටිටෙ ඉඳන් ගොම තමයි.

Main News