2011 Final පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන්.. පාවාදුන්නේ යයි සාක්‍ෂි කිසිවක් නෑ..

July 3, 2020 at 3:00 pm | lanka C news
2011 Final පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන්.. පාවාදුන්නේ යයි සාක්‍ෂි කිසිවක් නෑ..

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ෆොන්සේකා මහතා ලංකාදීපයට පැවසීය. සිය තීරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

” අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න”
“සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”

“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”

“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

– lankadeepa

51,351 Viewers

35 Comments to “2011 Final පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන්.. පාවාදුන්නේ යයි සාක්‍ෂි කිසිවක් නෑ..”

  1. Ganga772 says:

    පොහොට්ටුවේ national ලිස්ට් එකේ ඉන්න දිල්ෂාන් සහ මල්ලි වෙනුවෙන් කහින මුරලි ඔය team එකේ හිටියේ නැද්ද…නිකමට අහන්නේ

  2. lanka says:

    mahindanada horaa hora wesikiliya nawalapitiya nana gona

  3. Kalana says:

    මොන විකාරද? මහින්ද ද දන්නේ නෑ ඇත්තටම ඕකේ පිටිපස්සේ ඉන්නේ. කාටත් තේරුනා ඕක match fixing එකක් කියල. ඔන්න ඕක අල්ලලා දාමු කියල කියන්න ඇති.

  4. Suren says:

    What is the charge for wrong complaints? If there is no such legally the Kandy district people can give the verdict

  5. Aurora says:

    දැන් අවුරුදු 9 ගතවුනාට පස්සේ මේ කරන්නේ අනවශ්‍ය වැඩක්, හිතේ යටි අරමුණක් තියාගෙන කරන. 2011 දැන් තියන මොළේ තිබුනේ කොහෙද? එදා ඇමති විධියට බලතල තිබුණා අවශ්‍යනම් පරීක්ෂණයක් කරන්න. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ එළියෙන් බැබලෙන්න හිතන අපතයෝ තමන්ගේ කුණු වහගන්න මේ වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්ණ ඇදල ගන්නවා. මුන්ට නොතේරෙන දෙයක් තමයි රට නිවී සැනසිල්ලේ යනවා කියන්නේ පවතින ආණ්ඩුවට වාසියක් මැතිවරණයේදී. 1/ඇඟේ බර සමානුපාතිකයි මොළේට යන සමීකරණය හරියටම ගැලපෙන ගම්පහ අපේක්ෂකයකුත් කරන්නේ ඕකමයි. මහින්ද මහත්තයාගේ එළියෙන් බැබලෙන්න උත්සාහ කරන්නේ රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරාට සමාන සෙට් එකක්.

Main News