2014දී ණය බිලියන 7391යි.. 2017දී බිලියන 10,163යි.. ලංකාවේ ආයෝජන අති භයානකයි බ්ලූම්බර්ග් කියද්දී සියළු ශේණිගත කිරීම්වලින් පහල දමයි..

October 29, 2017 at 10:40 am | lanka C news
2014දී ණය බිලියන 7391යි.. 2017දී බිලියන 10,163යි.. ලංකාවේ ආයෝජන අති භයානකයි බ්ලූම්බර්ග් කියද්දී සියළු ශේණිගත කිරීම්වලින් පහල දමයි..

වත්මන් රජයට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන්න කිසිම ජනවරමක් නැතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

‘ජනතාව රජයක් පත්කරගන්නෙ රට පාලනය කරන්නයි. රජයක මූලික වගකීමක් තමයි ආර්ථිකය කලමණාකාරනය කරන එක. වත්මන් රජය ආර්ථිකය කලමණාකාරනය කිරීමේදී මුලුමනින්ම අසාර්ථකයි . වසර කිහිපයකට පෙර 7% න් ඉහල තිබුන ආර්ථික වර්ධන වේගය මේ වන විට 4% නුත් පහලට ඇවිල්ල. බඩු මිල අහස උසට ගිහින්.

2014 දී 3.3% තිබුන උද්ධමනය මේ වන විට 8.6 % දක්වා වැඩි වෙලා. රුපියලේ අගය 17% කින් බාල්දු වෙලා ඩොලරයට සාපේක්ෂව රුපියල 133 සිට 155 දක්වා පහල වැටිල. රැකියා වියුක්තිය 4.3 % සිට 4.5% දක්වා ගිහින්. 2014 දී රුපියල් බිලියන් 7391 ක් වූ රාජ්‍ය ණය 2017 ජූනි වන විට රුපියල් බිලියන් 10,163 ක් දක්වා 32% කින් වැඩි වෙලා.

විදේශ අයෝජකයින් පසුගිය වසර 2 1/2 තුල ඩොලර් මිලියන 1400 කට වඩා රටින් ඉවත් කරගෙන. ලෝක ප්‍රකට ආර්ථික විශ්ලේශ්ණ ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනය ලංකාව ලෝකයේ අයෝජනයට භයානකම රටක් ලෙස නම් කරල. ප්‍රධානපෙලේ අන්තර් ජාතික ශේණිගත කිරීමේ ආයතන 3 ම ලංකාවේ ශ්‍රේණිය පහල දමල. ජනතාවගේ බදු බර 2014ට සාපේක්ෂව 40% කින් ඉහල ගොසින්.

රටේ අපනයන ආදායම පසුගිය වසර 2 1/2 තුල ඩොලර් මිලියන 1600 කින් පමන පහත වැටිලා. 2014 අයවැය පරතරය රුපියල් බිලියන් 591 යි. 2018 දි එය රුපියල් බිලියන් 1800 ඉක්මවන බව විසර්ජන පනතට අනුව පෙනී යනවා. අයවය පරතරය 3 න් ගුනයකටත් වැඩියෙන් ඉහල යනවා. මේ අනුව ඉතා පැහැදිලියි රට අද ආර්ථික අර්බූදයක සිටින බව.

නමුත් රජය මේ ගැන අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් හැසිරෙන්නේ රටේ තිබෙන මුලිකම ප්‍රශ්ණය ව්‍යවස්ථාව වගෙයි. රජය දිගින් දිගටම කියනවා ජනතාව ඔවුන්ට ජනවරමක් ලබා දී තිබෙනවා කියා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන්න. නමුත් මේක බොරුවක්. ඔවුන්ට කිසි සේත්ම ජනවරමක් නහැ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන්න.

උදාහරණයක් ලෙස ජනාධිපති තුමාව ගන්න. ඔහුගේ 2014 මැතිවරණ ප්‍රකාශණයේ නම මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්. එහි 14 වන පිටුවේ පැහදිලිවම කියා තිබෙනවා ඔහු කරන්නට බලා පොරොත්තු වන්නේ ව්‍යවස්ථා සංශෝධන පමනයි එවාත් ජනමත විචාරණයකට යන්නට අවශ්‍ය නොවන සංශෝධන කියල. නව ව්‍යවස්ථාවකට අනිවාර්යයෙන්ම ජන මත විචාරනයක් අවශ්‍යයි. එසේනම් පැහැදිලිවම ජනාධිපතිත්ම නව ව්‍යවස්ථාවකට ජන වරමක් ඉල්ලා නැහැ.

පාර්ලිමෙන්තුවේ ඉන්න එක්සත් ජනතා සංධානයෙන් තේරී පත්වූ මැති මන්ත්‍රීවරු 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වුනේ ‘අනාගතයට් සහතිකයක්’ කියන මැතිවරණ ප්‍රකාශණය යටතේ. එහිත් කිසිම තැනක සඳහන් වුනේ නැහැ නව ව්‍යවස්ථාවක් ගැන.

නව ව්‍යවස්ථාවක් ගැන සඳන් වූ එකම මැතිවරණ ප්‍රකාශණය ‘මාස 60 කින් අලුත් රටක් පංච විධ ක්‍රමවේදය’ කියා ඉදිරිපත් කල එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශණයයි. නමුත් ඔවුන්ටත් පැහැදිලි ජනවරමක් ලැබුනේ නැහැ. ඔවුන්ට ලැබුනේ පාර්ලිමේන්තුවේ ආසන 225කින් ආසන 106. වලංගු චන්ද වලින් 45.6% යි. පාර්ලිමේන්තුවේ සුලු බහුතරය වන ආසන 113 වත් ඔවුන්ට ලැබුනේ නැහැ.

එහෙමනම් අපට කියන්නට තිබෙන්නේ වත්මන් රජයට කිසි සේත්ම ජනවරමක් නහැ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන්න

ඒ නිසා බොරු කරන එක නතර කරලා රටේ ආර්ථික ගැටලු විසඳන්න ක්‍රමවේදයක් හොයන්න’

– චාමින්ද කරුණාරත්න

83 views

3 Comments to “2014දී ණය බිලියන 7391යි.. 2017දී බිලියන 10,163යි.. ලංකාවේ ආයෝජන අති භයානකයි බ්ලූම්බර්ග් කියද්දී සියළු ශේණිගත කිරීම්වලින් පහල දමයි..”

  1. Saman says:

    ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ කෙරුවාව….තව කොච්චර කාලයක් ඉදිරියට කරගෙන යන්න දෙමු ද ?

  2. puka says:

    Jana waramak thiya maithree eyage thalle waramawath handunanne naha nowa.

  3. David Milli-Banda says:

    what did the yahapalanaya do for 21/2 years with 2772b ??
    We see nothing developed…………

Main News