2015දී ණය ටි‍්‍රලියන 07යි.. අද ටි‍්‍රලියන 13යි.. ලංකාව ඉතා භයානක සීමාවේ.. ආර්ථිකය අතිශය අවදානමේ..

July 19, 2019 at 4:40 pm | lanka C news
2015දී ණය ටි‍්‍රලියන 07යි.. අද ටි‍්‍රලියන 13යි.. ලංකාව ඉතා භයානක සීමාවේ.. ආර්ථිකය අතිශය අවදානමේ..

වර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තව ටික දුරක් මෙසේ ගමන් කළහොත් නැවත ගොඩ ගැනීමට බැරි තැනට රට පත්ව තිබෙන බවයි.

ඉතා ඉක්මනින් මෙම තත්වය වෙනස් වුවහොත් සිදුවන්නේ ණය උගුලේ ඉතා ගැඹුරු ලෙස වැටීමට බවද ඔහු සඳහන් කරයි.

2014 අවසානයේ රුපියල් ටි‍්‍රලියන 07 ක් වූ ණය තොගය අද වන විට රුපියල් ටි‍්‍රලියන 13 දක්වා මෙම වසර පහක කාලය තුළදී වැඩි කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.

අද වන විට මෙරට ආර්ථකය ඇද වැටී ඇත්තේ ඉතා භයානක තත්වයකට යයිද පවසන ඔහු නැවත වතාවක් රට බේරා ගැනීමට නම් ණය කළමනාකරණය ඉතා හොඳින් සිදු කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.

නිවැරදිව ණය ගන්නේ කෙසේද?අපි මුදල් පරිහරණය කරන ආකාරය කළමනාකරණය කළ යුතුයි#eliya #gotabayarajapaksa #grsm #srilanka #future #knowledge #intelligent

Gepostet von එළිය Eliya am Mittwoch, 17. Juli 2019

12,400 Viewers

2 Comments to “2015දී ණය ටි‍්‍රලියන 07යි.. අද ටි‍්‍රලියන 13යි.. ලංකාව ඉතා භයානක සීමාවේ.. ආර්ථිකය අතිශය අවදානමේ..”

  1. මහරජ කිංබානට් says:

    වහබින්ට විශ්වවිද්‍යාල,මද්‍රසා දාන්න,රටපුරා NTJ කාර්යාල දාන්න ඉඩ දීලා,මුස්ලිම් සරණාගතයන්ට රැකවරන දීලා අපි මැදපෙරදිග වහබි ආණ්ඩු සතුටු කරා..මැද පෙරදිග ඉදලා ඩොලර් ගලා ආවා අපේ හාන්දුරැවනේ.
    අනුන්ගේ කුණු නිකං ගන්න අපට පිස්සුවක්යෑ…අපි කුණුත් විදේශවිනිමය ලැබෙන විදියට බාර ගත්තා…අපනයනත් දියුනුකලා…ගෙදර ඉන්න අම්මගේ පටන් කිඹුල් හූනා,වල්ලා පට්ටා ගහ,කොතල හිඹුටු,ගෙබි කකුල් සියල්ල පිටරට පටවන්න පටන් ගත්තා.
    ධන ආර්තික වර්ධන වේගයක් ලබා ගත්තේ,ඉහල GDP එකක් ලබා ගත්තේ එහෙමයි අපේ හාන්දුරැවනේ.

  2. ranjan says:

    අවුරුදු 71 ක් තිස්සේ තොපිලා කල වැඩ තමා 225+1 ම අපිට ඒපා

Main News