2015න් පසු විල්පත්තු විනාශයක් නෑ..- පින්තූර සහිත ගුවන් හමුදා නිවේදනය මෙන්න…

March 23, 2019 at 3:00 pm | lanka C news
2015න් පසු විල්පත්තු විනාශයක් නෑ..- පින්තූර සහිත ගුවන් හමුදා නිවේදනය මෙන්න…

හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය තුළ උතුරු වසන්තය යටතේ නැවත පදිංචි කිරීම් සිදු කළ මුස්ලිම් පවුල් සඳහා වෙන් වූ ඉඩම් සම්බන්ධව පරිසර සංවිධාන කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල ජනාවාස සහ සංවේදී පරිසර පද්ධතියට දැඩි අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබිණි.

මේ අනුව 2015 සිට අදාල ජනාවාසයේ ව්‍යාප්තිය සම්බන්ධව සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. 2015 දෙසැම්බර් මස 22වන දින සිට විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් 178ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියුම්ව සතිපතා කරන ලද නිරීක්ෂණ වලදී අදාල ජනාවාසයේ ව්‍යාප්තියෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ජනාවාසය ව්‍යාප්ත වීමක් හෝ වගා කටයුතු සඳහා විල්පත්තු වනෝද්‍යානය හෙළි කිරීමක් සිදු කරනවා ද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලදි.

2015 වර්ෂයේදී මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේදී සියුම්ව හඳුනාගත් වන විනාශයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදාල බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් නැවත වන වගාව ස්ථාපිත කිරීමටත් අදාල බලධාරීන් කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම පියාසර මෙහෙයුමකදීම මිනිස් ක්‍රියාකාරකම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරමින් වගකිවයුතු නිලධාරීන් හට ක්ෂණිකව දැනුවත් කිරීම් සිදු කරන ලදි.

කැලෑ ගිනි තැබීම් සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන අයුරු ද නිරන්තර අධීක්ෂණයට ලක් කරන ලදි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත්ව නොතිබුණු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චිකඩ්ඩි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ”3 අ ”වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 24 වැනිදා අත්සන් තබා තිබිණි.

දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මගින් ලබාගත් ඡායාරූප සැලකිල්ලට ගැනීමේදී තහවුරු වන්නේ 2015 වර්ෂය වන විට නීත්‍යානුකූලව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් මරිච්චිකඩ්ඩි, කල්ආරු, මුල්ලිකුලම් ගම්මානවල ජනතාවට ලබාදී තිබෙන ඉඩම් කට්ටි ප්‍රමාණයන් හැරුණු කොට වෙනත් කිසිදු භූමි ප්‍රමාණයක් එළි කිරීමක් සිදු කොට නොමැත. අවසාන වරට ගුවන් නිරීක්ෂණ චාරිකාව සිදු කරන්නේ 2019 මාර්තු 22 දිනයි.

– defence.lk

34,966 Viewers

10 Comments to “2015න් පසු විල්පත්තු විනාශයක් නෑ..- පින්තූර සහිත ගුවන් හමුදා නිවේදනය මෙන්න…”

  1. Tekashi 69 - ටෙකාෂි 69 says:

    තෑන්ක් යූ ශ්‍රී ලංකන් ආම්ඩ් ෆෝසස්, ඈස් දේ ෂෝව්ඩ් ඉන් නිව් සීලන්ඩ්, පීපල් ආ ඩ්‍රිවන් ඉන්ටු ඇක්සෙප්ටින් ද ඉස්ලාමුමීන්. ශ්‍රී ලංකා විල් සූන් ඇක්සෙප්ට් ද ගෝඩ්ස් රිලිජන් අල්-ඉස්ලාමීන්.. මේ ද ඕල්ඩ් ගෝඩ්ස් ඇන්ඩ් නිව් ගෝඩ්ස් බ්ලෙස්යූ.. වින්ටර් ඊස් කමින්. වලාර් මොගුලිස්!

  2. sinha le says:

    මේවා කියාපල්ලා කොන්ඩේ බැදපු චීනුන්ට හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා

  3. sakalabujan says:

    Tanakola nam wewila..ko maha gas tika….

    udin balala hariyanne yako…gihin balapallako paara depette…patta gahala maha gas ne…udin beluwama itin peenne tamai……..

    y ban apiwa mehema gonata andawanne…kaatada me boru karanne…

    • sadun says:

      gamudana ,gammana ati karanna kochchra gas kepuwada. willpattu vitharak kata karala wedk ne. eka jatiwadiy. will pattu aasrithawa gammana athi karana eka werdi nam lankawe okkoa wage werdiy

  4. පොරමෝලා says:

    මෙය නිවැරදිව විශ්ලේෂණය කල හැක්කේ මිනුම් දෙපාර්තමේන්තුව මගින්.ඒ සඳහා චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගැනීමට හැකියාව ඇත

  5. Rajasinha says:

    Pahiyangala hora ganaya boru karaya una. Guwan hamudawata Jayawewaa…

  6. pradeep says:

    front picture eka mokatada wena ekak dala thiyenne?

  7. LION says:

    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි

    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්

    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්

    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස

  8. Dayani says:

    Is that why when MP Ranjan Ramanayake visited awl patty the people there said that they are given 80 perches (almost half and acre) and around Rs. 700,000 to build houses.!!!
    But MP Ranjan Ramanayake said if they cut trees, there will be no water.!!!
    Cannot accept that these photos are real.!!!

  9. Dayani says:

    When MP Ranjan Ramanayake visited Wilpattu, the people living there have cleared lot of the Wilpattu jungle and they said are given 80 perches (almost half an acre) and nearly 70 thousand to build houses.!!
    But MP Ramanayake asked them why they cut the jungle and how will they get water!!! The photos shown are not real.!!! There is an irrevocable damage done already to Wilpattu.

Main News