2015 මැතිවරණ පොරොන්දුව අප ඉටු කලා.. තේ දළු කිලෝව දැන් රුපියල් සීයයි..

May 26, 2019 at 12:40 pm | lanka C news
2015 මැතිවරණ පොරොන්දුව අප ඉටු කලා.. තේ දළු කිලෝව දැන් රුපියල් සීයයි..

2015 මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි තේ සඳහා රුපියල් අසුවක සහතික මිලක් ලබාදී තේ කිලෝ එකක් සඳහා  මේ වන විට රුපියල් සියයක ආසන්න මුදලක් ලබා දී ඇති බව සහ තේ සඳහා සම්බන්ධ ආයතන මීට වඩා විධිමත්ව කටයුතු කළහොත් මිල තවත් ඉහලට ගෙනයා හැකි බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,වරාය නාවීක කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කලේ කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන පලදායිතාවය හා වෙළඳ පොළ වැඩිදියුණු කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ දොළොස්ලක්ෂ හැට පන්දාහක වියදමින් සංවර්ධනය කල  ඌරාපොළ කන්ද මාර්ගය ජනතා අයිතියට ලබා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.

තේ කර්මාන්තය තමයි අපේ ප්‍රධාන ආර්ථික මාර්ගය.2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාලයේදී තේ එක මාතෘකාවක් කරගත්තා.ඒ කාලයේ දළු කිලෝ එකකට හම්බ වුනේ පනහත්-හැටත් අතර මුදලක්.අපි කිව්වා අපිට මේක සියය පන්නලා දෙන්න පුළුවන්.ඒ වනතුරු රුපියල් අසුවක ස්ථාවර මිලක් දෙන්න පොරොන්දු වුනා.ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුනා.රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපි කියපු දේ කරන්න පටන් ගත්තා.

රුපියල් අසුවක ස්ථාවර මිලක් දෙන්න පටන්ගත්තා සමාරම්භක උත්සවය පැවැත්වුනේ කිරිඇල්ල ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළුබෝවිටියන තේ කර්මාන්තශාලාවේ. අපි ඒ වැඩසටහන පටන්ගත්තා.මාස හතරක් අපි ස්ථාවර මිල දෙන්න ඇති.කිව්වා වගේම අසුවේ මිල පහුකරගෙන.ස්ථාවර මිලක් අවශ්‍ය වුනේ නැහැ.රුපියල් සියයක් දක්වා මිල ඉහල ගියා.අපි බලාපොරොත්තු වුනා ඊටත් වඩා ඉහල යන්න පුළුවන් කියලා.

කුඩා තේ වතු සංවර්ධන අමාත්‍යංශයෙන් අනන්ත අප්‍රමාන වෙහෙසක් දරනවා මේ කුඩා තේ වතු හිමියන්ගේ වගාවල් හොඳ තත්වයකට ගන්න.කනගාටුයි කියන්න එකේ අනිත් පැත්ත තේ මණ්ඩලයෙන් වෙන්න ඕන වැඩකටයුතු ප්‍රවර්ධන වැඩකටයුතු සිද්ද වෙලා නැහැ.එක උනානම් මීට වඩා හොඳ වෙළඳ පොලක් තියෙනවා මීට වඩා හොඳ මිලක් තියෙනවා.අද රුපියල අවප්‍රමාණය වීමේ වාසිය නිසා අපි තවම රුපියල් සියයට එහා ඉන්නවා.නමුත් අර මුලින් ගිය ගැම්මෙන් ඉදිරියට යන්න නෑ මිල වැඩිවීමේදී.තව ටිකක් මේක වැඩි කරන්න පුළුවන් තේ මණ්ඩලය උනන්දු වුනොත්.ඉල්ලීමක් කරමු වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් තේ මණ්ඩලයේ නිලධාරිනුත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වගේ උනන්දු කරවන්න කියලා.මේ නිලධාරීන් වැඩ කරන විදියට ඒ අයත් වැඩ කලොත් පලදාව වැඩිවෙනකොට අපේ තේ මිල තවත් වැඩිවෙන්න පුළුවන්.එක අපේ ප්‍රධාන ආර්ථික මාර්ගයක්.ශතක දෙකකට අධික කාලයක් රටේ ආර්ථිකයට විශාල හයියක් දීල තියෙනවා.අපි අලුත් ආර්ථික මාර්ග ඇතිකරන්න ඕන.ඒ අතරතුර මේ ආදායම් මාර්ග වැඩිදියුණු කරන්න ඕන.

– මොරවක ප්‍රියංක ගමගේ

7,514 Viewers

9 Comments to “2015 මැතිවරණ පොරොන්දුව අප ඉටු කලා.. තේ දළු කිලෝව දැන් රුපියල් සීයයි..”

  1. සුදා says:

    ඔයා ගැන යම් පැහැදීමක් තිබුනා එක කාලයකදී මිනිසුන්ට නමුත් මේවගේ ගොන් කතා කියල දැන් නිකම්ම නිකන් රන්ජන් හෙවත් ගොන් රජාගේ මට්ටමටම වැටිලයි තියෙන්නේ තවත් නොන්ඩි නොවී ඉන්න මත්තයෝ

  2. one shot says:

    ගලට අධිපති දෙයියො ගලේ දේවාලෙට දඬු මොණරෙන් වඩිනකම් තෝ තේ එකක් බීල ගල් ආසනේ වැතිරිලා ඉඳපිය​.

  3. Mahasona says:

    2015 ජනවාරි 9 වෙනිදාට පෙර ජනතාව බඩ පිරෙන්න තුන් වේලක් කැවා දැන් කන්නේ එක් වේලයි උබලා තව ඉදිරියට හිටියොත් අපේ රට සෝමාලියක් වෙනවාමයි

  4. SHIRLEY says:

    Ranjan is the parliament jocker

  5. Thusitha says:

    Chanda porondu danda mathak une..Apatanam mathakaa paasku praharaya…

  6. Gayantha says:

    රනිල් හාමු කිව්වේ තේ ගලවලා වෙන මොනවහරි වවන්න කියලනේ. මූ කියනවා තේ අපේ ආර්තිකයලු. විහිලු සපයන්නම උපන්නෝ.
    දලු මිලවැඩි වුනේ ආන්ඩුව කල මගුලක් නිසා නෙවේ.

  7. AJITH says:

    when dollar is going up, automatically prices of exporting items go up. what nonsense

  8. Dilshan says:

    තේ මිල අඩු වුනේ තේ නිශ්පාදන අඩුවීමේ ප්‍රශ්නයක් නේද?තේ මිල වැඩිවීම ගැන වැරදි අර්ථ කතනයක් නේද?

  9. Ratnamalala says:

    හරිම සන්තෝසයි.රබර්වලට ගම්මිරිස්වල දෙනවයි කියාපු මිල දෙන්න තව අවුරුදු 6ක් ම බලාගෙන ඉන්නම්.ඊට ඉස්සෙල්ල එන චන්ද වලදී සා ගලට අපි සලකන්නම් මදි නොකියන්න.

Main News