2015 වසරේ රට සවාරි ගාස්තුව කෝටි 10 පනී.. ශූරතාවය මංගලට..

September 22, 2016 at 3:00 pm | lanka C news
2015 වසරේ රට සවාරි ගාස්තුව කෝටි 10 පනී.. ශූරතාවය මංගලට..

2015 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරැන්ගේ විදෙස් සංචාරයන් වෙනුවෙන් රු.මිලියන 108ක් වියද ම් වී ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලි විය.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සභාගත කරන ලද පිලිතුරක දැක්වෙන්නේ මන්ත‍්‍රීවරුන් විදේශ සංචාර 16ක් හා අමාත්‍යවරුන් විදේශ සංචාර 86කට සහභාගී වී ඇති බවත්ය.

එම සංචාරවලින් 74ක් රාජකාරි සංචාර වන බවත් සංචාර 37ක් පුද්ගලික ඒවා බවත් පිලිතුරේ දැක්වෙයිි.

ගිය වසරේ වැඩිම විදෙස් සංචාරයන්හි නිරතව ඇත්තේ විදේශ ඇමති අමාත්‍ය මංගල සමරවීර වන අතර රිෂාඞ් බදියුදීන්, මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග,විජයදාස රාජපක්ෂද ලයිස්තුවේ ඉදිරියේ සිටී.

මෙම පිලිතුර සභාගත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා විසින් යොමු කරන ලද ප‍්‍රශ්නයකට අදාළවයි.

57 views
Main News