2016දී වෙඩි තැබීම් 107යි.. මිනී මැරුම් 502යි..
June 21, 2017 at 4:40 pm | lanka C news
පසුගිය 2016 වසරේදී රට පුරා වෙඩි තැබීම් 107ක් හා මිනී මැරුම් 502ක් වාර්තා වූ බව නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
නමුත් එම ප්රමාණයන් 2014දී සිදු වූ වෙඩි තැබීම් 112ක් හා මිනී මැරුම් 548ක් ලෙස වාර්තා වූ ප්රමාණයන්ට වඩා අඩුවක් පෙන්වන බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටයේ පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප්රශ්නයකට පිලිතුරු ලෙසයි.