2016 වසරට වැඩිය 2017 වසරේ ඉහල රිය අනතුරු ප්‍රතිශතයක්…

February 25, 2018 at 2:05 am | lanka C news
2016 වසරට වැඩිය 2017 වසරේ ඉහල රිය අනතුරු ප්‍රතිශතයක්…

2016 වසරට වැඩියෙන් ගෙවී ගිය 2017 වසරේදී යාපනය දිස්ත්‍රීක්කය තුල රියදුරන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් රිය අනුතුරු වැඩි වී ඇති බවට යාපනය දිස්ත්‍රීක්කය භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති වරයා මේ බව කියා සිටියේ යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති වරයා කියා සිටියේ යාපනය පොලිස් කොට්ධාශය තුල 2016 වසරට වඩා රිය අණතුරු 46% ක ප්‍රතිශතයකින් වැඩි වී ඇති බවටත් කන්කසන්තුරේයි පොලිස් කොට්ඨාශය තුල 22% ප්‍රතිශතයකින් රියඅනතුරු වැඩිව ඇති බවටත් මෙසේ රිය අනතුරු වැඩි වීමට ප්‍රධාන ලෙසින් බලපා ඇත්තේ වාහනයක් පැදවීමේදී රිදුරුගේ ඇති නොසැලිකිලිමත් බාවය හේතුවෙන් බවටය.

මේ අනුව යාපනය පොලිස් බල ප්‍රදේශය තුල ප්‍රතිශතය විදහා දැක්වීමේදී 2016 වසරේදී මාරක රියඅනතුරු 55 ක් වාර්ථා වී ඇති අතර  2017 වසරේදී මාරක රියඅනතුරු 80 ක් වාර්ථා වී ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම කන්කසන්තුරෙයි පොලිස්බප්‍රදේශය තුල ප්‍රතිශතය විදහ දැක්වීමේදී 2016 වසරේදී මාර්ක රිය අනතුරු 14 ක් වාර්ථා වී ඇති අතර 2017 වසරේදී මාර්ක රිය අනතුරු 17 ක් වාර්ථා වී ඇති බව යාපනය නියෝජ්‍ය පොලිස්පතිතුමන් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

111 views
Main News