2016 වසරේ දී ලාදුරු රෝගීන් 1853 ක්..

February 5, 2017 at 2:15 am | lanka C news
2016 වසරේ දී ලාදුරු රෝගීන් 1853 ක්..

2016 වසරේ දී ලාදුරු රෝගීන් 1853 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

2020 දී ලාදුරුවලින් තොර ශ්‍රි ලංකාවක් යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී කටයුතු කඩිනම් කිරීම සදහා ටැබි පරිගණක ඛෙදාදීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම අවස්ථාවට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණානායක මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views
Main News