2016 වසරේ හම්බන්තොට ණය සහ පොලිය ගෙවා වරාය අධිකාරිය බිලියන11 ක ලාභයක්.. 2025 දි සම්පූර්ණ ණය ගෙවා අසීමිත ලාභයක්.. ඒත් විකුණයි…

March 10, 2017 at 4:40 pm | lanka C news
2016 වසරේ හම්බන්තොට ණය සහ පොලිය ගෙවා  වරාය අධිකාරිය බිලියන11 ක ලාභයක්.. 2025 දි සම්පූර්ණ ණය ගෙවා අසීමිත ලාභයක්.. ඒත් විකුණයි…

ශ්‍රීලංකා වරාය අධිකාරිය පසුගිය වසරේ එනම් 2016 දි සමස්ථ ආදායම රුපියල් බිලියන 44 ක් උපයා ඇත. එහිදි ප්‍රධාන වශයෙන් කොළඹ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමල වරායන් මෙන්ම ඔලුවිල් සහ කන්කසන්තුරෙයි වරායවල් වල ආදායම සහ වියදම් මෙයට ඇතුලත් ය.
හම්බන්තොට වරාය ඉදිකිරීම් සඳහා චීනයෙන් ලබා ගත් ණය සහ පොලි වාරිකය වසරකට රුපියල් බිලියන 7 දශම 1 ක් ද, මෙහි වියදම් ලෙස ගිනුම් වාර්තාවේ සඳහන් වන අතර එම ණය සහ පොලිය ඇතුළුව වරාය අධිකාරිය ගෙවීමට ඇති සියලුම අනිකුත් ණය සහ පොලිය මෙයට ඇතුලත් ය.

මේ අනුව ගෙවීමට අවශ්‍ය වෙන්කිරිමෙන් (Provision) පසුව Operating and Other Expenses (All Ports) අදාළ වසරේ මෙහෙයුම් ලාභය ප්‍රකාශ කරන අතර 2016 වසර සඳහා ශ්‍රීලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11 ක් එනම් මිලියන එකොලොස් දාහක මෙහෙයුම් ලාබයක් වාර්තා කොට ඇති බැව් වාර්තා වේ. මේ බැව් අද ඩේලිමිරර් පුවත් පතේ වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්ම සනාථ කොට ඇත.

එසේනම් ශ්‍රීලංකා වරාය අධිකාරිය සතු වරායවල් 5 අතුරින් මේ වනවිට විදේශීය ණය ලබාගෙන දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන වරායක් වනුයේ ඔලුවිල් වරාය වන අතර එය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ යුගයේ එවකට වරාය හා නාවුක ඇමති අෂ්රොප් මහතා සතුටු කිරීමට ඉදිකල අතර ඵලදායිතාවය අඩුම වරාය බවට අද වනවිට එම වරාය පත්ව ඇත. ඒ සඳහා ගෙවන ණය සහ පොලියද මෙම වියදම් සඳහා ඇතුලත් ය. මෙම ඔලුවිල් වරාය සඳහා වාර්ෂික වියදම් කරන මුදල් සම්බන්ධව රජයේ විගණකාධිපති විසින් සෑම වසරකම ආර්ථික නොවන වියදම් ලෙස Uneconomic Transactions හදුන්වමින් ඔහුගේ නිරීක්ෂණ ඉදිරිපත් කොට ඇත.

ලෝකයේ අතිශයින්ම වැදගත් වානිජ මුහුදු මාර්ගයක් ඔස්සේ මෙන්ම භූගෝලීය වශයෙන් ඉතා වැදගත් නාවුක කේන්ද්‍රස්ථානයක පිහිටි හම්බන්තොට වරාය අද මෙන්ම අනාගතයේදිත් ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභ ගෙනෙන දිනපතා ශ්‍රීලංකාවේ ආර්ථිකට අගයක් එකතුකරන Value Addition බහු කාර්යය ව්‍යපතියකි.

අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම අනුව හම්බන්තොට වරාය ඉදිකිරිමට ගත් ණය සහ පොලිය වශයෙන් නොකඩවා මේ වන තෙක් රුපියල් බිලියන 16 දශම7 ක් එනම් 2016 බිලියන 7.1 ක් ඇතුළුව ගෙවා ඇත. එහෙත් මෙම වරාය විකිණීමට නියමිතව ඇත්තේ ඇ. ඩොලර් බිලියන 1 දශම 1 කටයි ඒ රුපියල් බිලියන 170 කටයි. මෙයින් පැහැදිලි වනුයේ වරාය අධිකාරියේ සමස්ථ වාර්ෂික ආදායම අනුව වුවද දැනට හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවිය යුතු වාරිකය සහ පොලිය වරාය ගෙවිය හැකි අතර ඉදිරියේදී වැඩි වන ධාරිතාවය සහ ආදායම ඉහළ යෑම තුල මේ ආදායම් බෙහෙවින් ඉහළ යා හැකි බවයි.

තවද එම වාර්තාවේ කොළඹ වරායට විශාල නැව් ඇතුළු කිරීමට අවශ්‍ය ගැඹුර මෙන්ම පහසුකම් අඩු වීමෙන් විශාල ආදායමක් මෙන්ම ඒ හරහා කන්ටේනර් 589,553 ගොඩ බෑමට නොහැකි වූ බැව් ඇමතිවරයා වාර්තා කොට ඇත. ශ්‍රීලංකා වරාය අධිකාරිය සතු කොළඹ වරායේ ජයා කන්ටේනර් පර්යන්තයට දිග මීටර් 271 සහ ගැඹුර මීටර් 14 යුක්ත නැව්වලට පැමිණිමට නොහැකිවිමට හේතුව වි ඇත්තේ එම වරාය ගැඹුර මීටර් 14 දසම 25 බැවින් විශාල නැව් 23 ක් සඳහා 2016 වසරේ දි සේවා සැපයීමට නොහැකි වු බවයි . එහෙත් මෙවැනි විශාල නැව් සඳහා අවශ්‍ය පහසුකම් මේ වනවිටත් හම්බන්තොට වරාය සතුව පවති. හම්බන්තොට වරායේ ගැඹුර මීටර් 17 කි.

හම්බන්තොට වරාය වැනි ඉතා වැදගත් වරායක් ශ්‍රීලංකා වරාය අධිකාරිය සතුව පැවැතිම අනාගත ඉල්ලුමට කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි වනුයේ 2005 වසරේ දි ශ්‍රීලංකා වරාය අධිකාරිය පුද්ගලික අංශය සමඟ කන්ටේනර් 2,455,300 හැසුර වූ අතර එය 2013 වසර වනවිට 4,248,655 දක්වා වැඩි කොට ඇති බවත් එයින් 60% පමණ ශ්‍රීලංකා වරාය අධිකාරිය මගින් සිදු කොට ඇත. එමෙන්ම වාර්ෂිකව වැඩිවෙන ඉල්ලුම අනුව 2025 වනවිට කන්ටේනර් 10.000.000 මිලියන 10 ඉලක්කයක් ඉතා පහසුවෙන් ලබා ගැනිමට හැකිය. ඒ අනුව ශ්‍රීලංකා වරාය අධිකාරිය ආදායම දෙගුණයකින් වැඩි වන බවත් 2025 දි සම්පූර්ණ ණය ගෙවා අසීමිත ලාභයක් ශ්‍රීලංකා වරාය අධිකාරියට ලබාගත හැකි බව නාවුක හා වානිජ ක්ෂේත්‍රයේ නියලි විශේෂඥන්ගේ මතයයි.

මූලාශ‍්‍රය මෙතනින්

62 views

5 Comments to “2016 වසරේ හම්බන්තොට ණය සහ පොලිය ගෙවා වරාය අධිකාරිය බිලියන11 ක ලාභයක්.. 2025 දි සම්පූර්ණ ණය ගෙවා අසීමිත ලාභයක්.. ඒත් විකුණයි…”

  1. දෙශප්‍රෙමියා says:

    කෝ මේ හරක් පාලකයෝ උන්ට අඩුම ගානේ ලාබ පාඩු පෙන්නේ නැද්ද? මේ වගේ රන් බිජු දාන කිකිලියක් තමගේ සාක්කුවට වැටෙන කොමිස් කුට්ටිය නිසා චීනුන්ට කුණු කොල්ලයට විකුණා දාන්නේ..

  2. සමයන් says:

    හම්බන්තොට වරායේන් රටට ඇති වැදගත්කම අපිට අවශ්‍ය නැහ. කොහොම හරි ලොකු කොමිස් එකක් හම්බවෙනවා නම් අම්මා හරි ඕන බල්ලෙකුට දෙනවා. ඒක තමයි අපේ යහපාලන ප්‍රතිපත්තිය.

  3. ඔටුවා says:

    කුඩු කාරයින්ට කොහෙද ගෙදර අම්ම තාත්තා හම්බ කරපු දේවල වටිනාකමක්!

    දවසේ කුඩු පැකට් එකේ ගාන විතරනේ හිතන්නේ!!

  4. CAT says:

    යහපාලනය නොවේ ජඩපාලනය …මේ දේශද්‍රෝහියෝ අපේ රටම විනාශ කරනවා ..සිංහලයා තාම නිදි

  5. හින්බබා සියා says:

    වත්මන් ආණ්ඩුව යන ගමන එලෙසම පවත්වා ගෙන ගියහොත් රට ආරාජික වී විශාල අර්බුධයකට මුහුණ පෑමට සිදුවන බව නම් ස්ථිරය ..මේ ආණ්ඩුවට තවත් මෙහෙම යන්න දෙන්න බෑ .මෙහෙම ගියොත් මේ රට තවත් බංකොළොත් වේවි ,කිසිම කෙනෙකුට ගොඩ ගන්න බැරි වෙන තැනටම . ඊට පස්සේ මේ රට නිකන්ම ආරාජික රාජ්‍යක් බවට පත් වෙනවා
    .සිංහලයෙනි බලා සිටියා ඇති දැන්වත් අපේ රට ජාතිය බේරාගැනීමට කටයුතු කරව්

Main News