2017දී දුප්පත්කම නැතිකිරීම ජනපතිගේ හීනයක් වෙයි.. උද්දමනය 7%යි.. ණය පොලිය 16%යි.. අලූත්ම මහ බැංකු වාර්තා මෙන්න..
February 9, 2017 at 3:00 pm | lanka C news
රටේ උද්දමනය සීයයට 7% දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව මහා බැංකුව මගින් අද නිකුත් කල අලුත්ම නිවේදනය මගින් ප්‍රකාශ කොට ඇත. එනම් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යන විට මුදලේ වටිනාකම අඩු වීමයි.
මේ අනුව වෙළෙඳපොළ තුල සෑම භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇත. මේ අනුව මහින්ද යුගයේ හාල් කිලෝවක් රුපියල් 50-60 ත් අතර තිබුණි, අද හාල් කිලෝවක් රුපියල් 80-100 ත් අතර පවති පොල් ගෙඩියක් එදා රුපියල් 35-50 ට තිබුණි. අද රුපියල් 65-80 අතර වේ.
එමෙන්ම සේවාවක් සඳහා එදා මුදලට වඩා වැඩි මුදල් ගෙවිමට සිදු වේ, එනම් ත්‍රිවිල් රථයකටත් ලීසිං වාරිකයක් සඳහා අමතර මුදලක් ගෙවීමට සිදුවේ, නිවාස ණය සඳහා 9% ක් තිබු වාර්ෂික පොලිය අද 16%කි.
2005 වසරේදි ඉලක්කම් දෙකක අගයක් තිබු උද්දමනය මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රමානුකූලව එය අඩු කර ගැනිමට හැකි වූ අතර 2013 වනවිට ලෝක වෙළෙඳපොළ තුල තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් ඉක්මවා තිබියදිත් උද්දමනය 1% ගෙන ඒමට හැකි විය. ඒ අනුව බැංකු පොලියේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට පීඩාවක් නොවන ලෙස පවත්වාගෙන යෑමට හැකි විය.
එහෙත් සම්මුති ආණ්ඩුවේ විසින් ආර්ථිකය නිසි ලෙස කලමාණාකරනය කිරීමට අපොහොසත් වීම හා දූෂණය ඉහළ යෑම නාස්තිය තුල උද්දමනය මේසා විශාල අගයකට ඉහළට ගොස් ඇත.
මේ අනුව 2017 වසර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දුප්පත්කම තුරන් කිරීමට තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතත්, වසර ආරම්භ වනුයේ මෑතකදී රටේ උද්දමනය ඉහළ ගිය වැඩිම මාසය ලෙස 2017 ජනවාරි මාසය ලෙස වාර්තා කරමිනි. මේ නිසා ජනාධිපතිවරයාගේ දිලිදුකම තුරන් කිරිමේ වසර ආරම්භ කනුයේ පසුගිය වසර කිහිපය තුල නොතිබුණ මට්ටමේ ආර්ථික අහේනියක් හරහා ජනතාව පිඩාවට පත් කරමිනි.