2017 මේ වන තෙක් පමණක් ඩෙංගු රෝගීන් 43,000ක්..

May 14, 2017 at 12:40 pm | lanka C news
2017 මේ වන තෙක් පමණක් ඩෙංගු රෝගීන් 43,000ක්..

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය පරිදි විවිධ වැඩසටහන් දියත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් සිදු කරන ලද ඩෙංගු මදුරු මර්දන වැඩකටයුතු සහ එහි ප්‍රගතියට අදාලව කරුණු දැක්වෙන මාධ්‍ය දැනුවත් කිරීමෙි ලිපියක් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් යොමු කොට ඇත.

එම නිවෙිදනය මගින් දක්වා ඇති කරුණු පහත පරිදි වෙි.

මෙි වර්ෂයේ මෙි දක්වා මුළු දිවයිනෙන් රෝගීන් 43,000 ක් පමණ වාර්තා වී ඇත. මෙි අතර, කොළඹ, ගම්පහ, කළුතර, මඩකළපුව, රත්නපුර ත්‍රීකුණාමලය, කුරුණෑගල, මාතර ප්‍රදේශවල රෝගීන් වාර්තාවීම වැඩි වශයෙන් දක්නට ලැබෙි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකම කාර්යභාරය වන රෝගීන් නිසි ආකාරව රැකබලා ගැනීම සදහා පසුගිය වසර කිහිපය තුල ගන්නා ලද ක්‍රියාමාර්ග තුලින් (රෝහල්වල අධිසත්කාර ඒකක පිහිටුවීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම, රසායනාගාර පහසුකම් වැඩි කිරිම) මගින් වාර්තාවන රෝගීන්ට සාපේක්ෂව මරණ අනුපාතිකය සැළකිය යුතු ලෙස අඩු කර ඇත. (2009-1% සිට 2016 -0.2% දක්වා) තවද රෝගීන් පිළිබද ආවෙික්ෂණය කිරීම හා මරණ පසුවිපරම් කිරීම මගින් රෝගය පිළිබද සත්කාරවල ගුණාත්මකභාවය වැඩිදියුණූ කර ඇත. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට පරිබාහිර අනෙකුත් අංශ මගින් පරිසර කළමණාකරණය කිරීමට පරිශ්‍ර පරීක්ෂා කිරීම් සිදු කර ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය, අවදානම් දිස්ත්‍රීක්ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් සිදු කරන අතර, 2017 වර්ෂයේ ජනවාරි මස සිට මෙි දක්වා ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පරිශ්‍ර 632,542 ක් පරීක්ෂා කර ඇත. ඉන් සියයට 21 ක මදුරුවන් බෝවිය හැකි සේ තබාගෙන ඇති බවට ද, සියයට 2 ක මදුරු කීටයින් හමු වී ඇත. 2017 වර්ෂයට පමණක් පාසල් 2973 ක් පරීක්ෂා කරන ලද අතර, ඉන් සියයට 48.2 මදුරුවන් බෝවිය හැකිවන සේ ද, සියයට 10 මදුරු කීටයින් ද සොයාගෙන ඇත.

ඊට අමතරව මැයි මස 18 සහ 19 දෙදින කණ්ඩායම් 1800 ක් යොදවමින් දිස්ත්‍රික්ක 12 ක් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

එමෙන්ම අධික නාගරීකරණය වීමත්, නිවැරදි කැළි කසල කළමණාකරණයට ඇති බාධාවනුත් දැනට ඇති වෛරස දර්ශකය වෙනස්වීමත් ඩෙංගු රෝගය සංකීර්ණ කිරීමට හේතු වන බවත්, තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වෙිදනාව, ඔක්කාරය සහ වමනය, සමෙහි රතු ලප හට ගැනිම හා රුධිර වහන තත්ත්වයන් ඇත්නම් එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා මෙන් ද ඩෙංගු රෝගයේ දී උණ බැසයාමත් සමග සංකූලතා (ඩෙංගු රක්තපාත උණ) ඇති විය හැකි නිසා ඒ පිළිබදව මහජනතාව සැළකිල්මත්ව සිටිය යුතු බවද වැඩිදුරටත් සදහන් කර ඇත.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

99 views
Main News