2017 වසරේදී මුදල් නෝට්ටු කෝටි 27ක්.. කාසි කෝටි 97ක් අලූතින් මුද්‍රණය කරලා..

May 4, 2018 at 5:30 pm | lanka C news
2017 වසරේදී මුදල් නෝට්ටු කෝටි 27ක්.. කාසි කෝටි 97ක් අලූතින් මුද්‍රණය කරලා..

2017 වර්ෂයේ දී ආර්ථිකය තුළ ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 270 ක් මුද්‍රණය කිරීමටත්, කාසි මිලියන 970 ක් ටංකනය කිරීමටත් අවශ්‍ය කටයුතු ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ අතර සංසරණය තුළ ගුණාත්මක තත්ත්වයේ නෝට්ටු පැවතීමත්, මහජන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තොග පැවතීමත් තහවුරු කිරීම සඳහා අදාළ සැපයුම් ගෙන්වීම ඉදිරි වර්ෂවල දී සිදුකරනු ලැබේ.

රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 කාසි ප්‍රමාණයෙන් කුඩා කරමින් මල නොබැඳෙන වානේ ලෝහයෙන් නිෂ්පාදිත සංසරණය තත්ත්වයේ පවතින නව කාසි කාණ්ඩයක් නිර්මාණය කිරීමට ද කටයුතු කරන ලදී.

මෙම නව කාසි කාණ්ඩය මගින් ටංකන පිරිවැය අවම කිරීම හා කාසි හැසිරවීම පහසු කිරීම අපේක්ෂා කරනු ලබන 2017 මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී.

– biz.adaderana.lk

165 views

6 Comments to “2017 වසරේදී මුදල් නෝට්ටු කෝටි 27ක්.. කාසි කෝටි 97ක් අලූතින් මුද්‍රණය කරලා..”

  1. Saradiel says:

    ග්‍රීසිය හිගන බවට පත් කල ක්‍රමය

  2. Love nature says:

    Crude oil prices ended 2015 below $40 per barrel, the lowest level since early 2009.

  3. SUNIMAL says:

    යහපාලන රජය මේ කරන විනාසය පිලිබඳ මහජනතාව දැනුවත් කර එය වැලක්වීමට කටයුතු කිරීම මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් විරුද්ද පක්ෂ දෙශපාලකයන්ට ඇති වගකීමකි.

  4. Love nature says:

    රනිල් වික්‍රමසිංහ යනු වසර 40ක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියැළී සිටි පුද්ගලයෙකි. සිව් වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණු කෙනෙකි. නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් යහපත් දායකත්වයක් සොයා ගැනීමට ඉතා අපහසුය.

  5. john the baptice says:

    “නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි” රනිල්ගේ පොරොන්දු

  6. David Milli-banda says:

    Thawa අලූතින් මුද්‍රණය karana mudal job eka iwara nehe aiyooooooooooooo… Poddak wait, thawa daanawa eliyata.
    Ape baya nathi agamathi wisin……….

Main News