2017 සිට පාසැල්වලට ප්ලාස්ටික් පෙල පොත්.. අමන වැඩ කරන්න එපා..

December 26, 2016 at 3:50 pm | lanka C news
2017 සිට පාසැල්වලට ප්ලාස්ටික් පෙල පොත්.. අමන වැඩ කරන්න එපා..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

දෙමළ බෙදුම්වාදින්ට සහ බටහිරට ආණ්ඩුව දුන් පොරොන්දු හෙලි කරනු

දෙසැම්බර් 10 දා අයවැය විවාදයට එක් වුණු එම් සුමන්දිරන් මන්ත්‍රිතුමා මැතිවරණයට පෙර තමන්ට දුන් පොරොන්දු ඉටු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මම ඒ පොරොන්දු මොනවාද කියලා සුමන්දිරන් මන්ත්‍රිතුමාගෙන් ප්‍රශ්න කළාම උත්තර දුන්නේ නෑ. 19 දා මාධ්‍ය හමුවක් පැවැත්වූ උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේශ්වරන් මහතා මැතිවරණයට පෙර දෙමළ සංධානයටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න කියලා ඉල්ලීමක් කළා. මේ කවුරුවත් පොරොන්දු ඉටු කරන්න කියනවා මිස පොරොන්දු මොනවා ද කියලා කියන්නේ නෑ. ජනපතිවරණයට වගේම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ වලත් මේ පොරොන්දු ගැන කිසිම සඳහනක් නෑ.

ආණ්ඩුව අද වන තුරු දෙමළ සංධානයේ මේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වලා නෑ. මේ පොරොන්දු මොනවා ද කියලා දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. තමන්ගේ ඉරණම පිලිබඳ දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. සමහර විට ජනාධිපතිතුමාත් මේවා නොදන්නවා ඇති. නමුත් අගමැතිතුමා සහ විදේශ ඇමතිතුමා නම් අනිවාර්රයෙන් දන්නවා. මේ අය තමයි ආණ්ඩු පෙරලියට බටහිර බලවතුන් සමග ගනුදෙනු කලේ. ඒ නිසා 2017 උදා වෙන්න කලින් මේ පොරොන්දු ජාතියට හෙලි කරන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. 2017 වසර සුබ ද අසුබ ද කියලා අපට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ පොරොන්දු දිහා බලලා තමයි.

පාසල් පෙල පොත් ප්ලාස්ටික් කිරීම නවතනු

කඩදාසි වලින් සකසා ඇති පාසල් පෙල පොත් කල් පවතින්නේ නැත යන පදනමින් අධ්‍යාපන අමාත්‍යාංශය 2017 සිට ප්ලාස්ටික් පෙල පොත් පාසල් වලට හඳුන්වා දෙන්න යනවා. ලෝකය පුරා පාසල් පෙල පොත් විද්‍යුත් පොත් බවට පෙරලීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. නමුත් ප්ලාස්ටික් පොත් කිරීමේ ව්‍යාපෘතියක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වෙන්නේ නෑ. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් පමණක් ප්ලාස්ටික් පෙල පොත් මුද්‍රණය කර තිබෙන බවට මට නොනිල තොරතුරක් ලැබුණා. නමුත් ඒ පිලිබඳ කිසිම විස්තරයක් අන්තර්ජාලයේ වත් නෑ.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිලිබඳ පත් කරපු විශේෂඥ කමිටුවේ නිර්දේශය වුණේ පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම නිසි අධ්‍යනයකින් තොරව ප්ලාස්ටික් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. විශේෂයෙන්ම මෙවැනි පොත් තොගයක් ප්‍රතිචක්‍රිකරණය කිරීම දැවැන්ත ප්‍රශ්නයක්. දරුවන් දිනපතා ප්ලාස්ටික් පොත් පරිහරණයෙන් ඇති විය හැකි රෝග පිලිබඳ වෛද්‍ය අධ්‍යනයක් අවශ්‍යයි. නමුත් ඒ නිර්දේශ වලට පයින් ගහලා ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා. මේ වගේ අමන වැඩ කරන්න එපා කියලා අපි අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලනවා.

 

– අරවින්ද අතුකෝරල

30 views

5 Comments to “2017 සිට පාසැල්වලට ප්ලාස්ටික් පෙල පොත්.. අමන වැඩ කරන්න එපා..”

  1. love nature says:

    ප්ලාස්ටික් පෙල පොත්.. . වලින් රට විනාසයට පත් වෙනවා ලෝකයේ සැම රටකම ප්ලාස්ටික් තහනම් කරනවා අපේ බූරුවෝ මේවා ගේනවා.

  2. love nature says:

    වසරකට එංගන්තයේ ඉවත දමන ප්ලාස්ටික් බෑග් ප‍්‍රමාණය පසුගිය වසර දෙක තුළ ශිඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කෝටී 700ක් පමණ මෙම වසර තුළ ඉවත දමා ඇත. ප්ලාස්ටික් දිරාපත් වීමට අවුරුදු 1000 ක් පමණ ගත වේ.

    මෙයින් භූමිය විනාශ වීම පමණක් නොව ඒවා ආහාරයට ගැනීමෙන් සිව්පා සතුන් කුරුල්ලන් දහස් ගණනක් පීඩා විදින අතර, දහස් ගණනක් මිහිකත හැර ගොස් ඇති බව ඔවුන් කළ පරීක්‍ෂණ වලින් හෙළි විය.

  3. love nature says:

    PVC හෝ V – 3/වතුර බෝතලේ මාරයා

    මෙම ප්ලාස්ටික් වර්ගයන් භාවිතයට සුදුසුම නෑ. ශරීරයට අහිතකර පිළිකා කාරක සහ විෂ රාශියක් මින් නිකුත් වෙනවා. දරුවන් ලැබීමේ හැකියාව අහිමි වීම, උපදින දරුවන් විකෘති වීම පවා සිදුවන්න පුළුවන්. මෙම ප්ලාස්ටික් නිපදවන කර්මාන්ත ශාලාවල සේවකයින් පවා පිළිකා වලට ගොදුරු වෙනවා. මෙම ප්ලාස්ටික් භාවිතා කරන්නම එපා.

  4. love nature says:

    පහත කාරණා හොඳින් සිතේ තබාගන්න.

    ප්ලාස්ටික් බීම බෝතල්, වතුර බෝතල් කුමන හේතුවක් නිසාවත් නැවත භාවිතා කරන්න එපා.water-bottle-ban
    බොහෝ විට බෝතල් කල පානීය ජලයට වඩා ටැප් ජලය පිරිසිදු බව මතක තබාගන්න.
    මයික්‍රොවේව් උඳුන් ඇසුරින් ආහාර රත් කිරීමට Microwave Safe ලෙස සඳහන් කර ඇති භාජන පමණක් භාවිතා කරන්න. මෙම භාජනද කල් යත්ම විස වන බව මතක තබාගන්න. මේ නිසා ප්ලාස්ටික් භාජන වෙනුවට තාපයට ඔරොත්තු දෙන වීදුරු හෝ සෙරමික් භාජන තෝරා ගන්න.
    ජලය උණු කිරීමට වීදුරු හෝ ලෝහ භාජන පමණක් භාවිතා කරන්න. ප්ලාස්ටික් විදුලි කේතල භාවිතයට නොගන්න.
    නිවසේ ජලය ගබඩා කිරීමට වීදුරු බෝතල් පමණක් භාවිතා කරන්න. ගමන් කරන විට ජලය රැගෙන යාමට හොඳ වර්ගයේ ප්ලාස්ටික් බෝතලයක් වෙනම මිලදී ගන්න. පානීය ජලය ගබඩා කිරීමට ඔබ වෙත නොමිලේ ලැබෙන ප්ලාස්ටික් බෝතල් කිසිවිටකත් භාවිතා කරන්න එපා.
    විවිධ රසායනික ද්‍රව්‍ය ගබඩා කරන ප්ලාස්ටික් බාල්දි සහ ගැලුම් නැවත භාවිතයේදී ඒවා ආහාර ගබඩා කිරීමට භාවිතා කරන්න එපා.

  5. Satan says:

    අකිල විරාජ් අයියා ප්ලාස්ටික් වලට කැමති ඇයි ?

Main News