2018 අවසන් වන්න පෙර සියළු රාජපක්‍ෂලා හිරේ දානවා.. සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ පොහොට්ටුවයි..

February 7, 2018 at 11:20 am | lanka C news
2018 අවසන් වන්න පෙර සියළු රාජපක්‍ෂලා හිරේ දානවා.. සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ පොහොට්ටුවයි..

පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමු රත්නපුර සහ බේරුවල දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම ජනහමු වල දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

රත්නපුර දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ චෝදනා ලබා ඇති මන්ත්‍රීවරුන් ද ඒකාබද්ධ විපක්ෂය සමග සිටිනවා. ඔවුන් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටියේ නඩු වලින් බේරීම සදහායි. වත්මන් මැතිවරණයේ දී පොදුජන පෙරමුණ නිර්මාණය කර මැතිවරණයට ඉදිරිපත් වන්නේ නඩු වලින් බේරීම සදහායි. නඩු වලින් නිදහස් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ වීමෙන් නොහැකි බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා. ජනතාවට ආදරයෙන් පොදුජන පෙරමුණ නිර්මාණය කළේ නැහැ. එහි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තිබෙන බව ප්‍රකාශ කළත් එහි තිබෙන්නේ රාජපක්ෂලාගේ ප්‍රතිපත්තියයි. එය ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට තේරෙන්නේ නැහැ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්. ඔහුගේ මුහුණේ කිසිදු සිනහවක් නැහැ. පක්ෂය මාරු කළාට ගති පැවැතුම් වෙනස් වෙලා නැහැ. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ මුහුණුවල සිනහව පිරිලා. නීතිය ක්‍රීයාත්මක වන්නේ මිනිසුන් තලාපෙලා දමන්න නොවෙයි. කිසිවෙකු නීතියෙන් බේරුනත් ස්වභාව ධර්මයෙන් බේරෙන්න බැහැ. පසුගිය රජය සමයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම නිසා හිටපු ජනාධිපතිවරයාට මෙය මාරාන්තික සටනක්. මට දැනගන්නට ලැබුනා උදයංග වීරතුංග අත්අඩංගුවට ගත් පසු රාජපක්ෂ පවුල වෙවුලන්න පටන් ගත්තා කියලා. දේශප්‍රේමීන් නාමයෙන් රාජපක්ෂලා හොරකම් කරලා තිබෙනවා.

හිටපු අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂලා සමග කටයුතු කිරීම නිසා තමයි නඩු ප්‍රමාද වුනේ. වත්මන් අධිකරණ අමාත්‍යවරිය නිසි පරිදි නඩු විභාග කිරීමට පියවර ගැනීම නිසා රාජපක්ෂලා ඇයටත් හතුරුකම් කරනවා. මෙම සියලු නඩු 2018 දෙසැම්බර් වන විට අවසන් කිරිමටයි අපි සැළසුම් කර තිබෙන්නේ. නව අධිකරණ අමාත්‍යවරිය මීට පෙර පත්කර තිබුනේ නම් රාජපක්ෂලා දුසිමක් හිරගෙදර ගිහිල්ලා. ඒ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

වසීම් තාජුඩීන් ඝාතනය, ධනය කොල්ල කෑම, වසා දැමීමට ජනතාව සුදානම් නැහැ. තාජුඩීන් ඝාතනයට දුරකථන ඇමැතුම් ලබාදුන්නේ විහාරමහා දේවියයි. ඇය විහාරමහා දේවිය නොව අනුලා දේවිය බව මම කියන්න කැමැතියි.

සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ තමයි පොහොට්ටුව. මේ පොහොට්ටුවේ නායකයින් අවධානය යොමු කර තිබෙන්නේ බේරුවල දෙසට. ඒ මොකද රාජිතව පරද්දන්න. සියලු පරීක්ෂණ පිටුපස ඉන්නේ මම කියලා ඔවුන් හිතනවා. රාජපක්ෂලාට ජනාධිපතිධූරය නැති වුනෙත් මා නිසා බව ඔවුන් හිතනවා. ඒ නිසා මම කියන්න කැමැතියි බේරුවල ආසනයේ පළාත් පාලන ආයතන 02 කම අපි විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා.

– ප‍්‍රසන්න අධිකාරී

81 views

26 Comments to “2018 අවසන් වන්න පෙර සියළු රාජපක්‍ෂලා හිරේ දානවා.. සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ පොහොට්ටුවයි..”

  1. kamalasirikuruwita says:

    තමන්ට විරුද්ධව චෝදනා පැමිණිලි ගණනාවක් අල්ලස් කොමිසමේ තියෙද්දී , අල්ලස් කොමිසමෙන් එන්න කියද්දී කැට්ටි පැන පැන ඉන්න කෙනා නේද මේ අනිත් අයව හිරේ දානවා කියල බෙරිහන් දෙන්නේ. අම්මප උසාවිය මෙයා ද ? නීතිපති කොහොම වුනත් කොන්දක් තියෙන නඩුකාරයන්ට මොනවා හිතෙනවා ඇත්ද ?

  2. Kings says:

    I think he is our Chief Justice now.

  3. බබා උක්කුන් says:

    ඕකට කියන්නේ ගෝඨා – භය
    මතක් වෙනකොට මේ කුණු දතාට ඇදුමේ මල පහ වෙනවා
    slum dog dentist

    • samuvel says:

      මූට විතරක් නොවේ … මුගෙ ඌරූ වරිගේ නායක කාරක ඔක්කොටම තියෙන්නේ ඒ බය තමයි.

  4. GA says:

    Pinsiduvai. Kata piyagena hitin…..gadebaha.,..

  5. desheen says:

    vesak poya Lanwenakata Moota Pessu

  6. daminda says:

    beruwala bokkae kunu ganda………………?

  7. john the baptice says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර රාජිත මාළු හොරා

  8. SUNIMAL says:

    කම්කරු දිනයට පැමිණ කම්කරුවන්ට කුණු හරපෙන් බැණ වදින දත් දොස්තර රාජිත පන්නමු

  9. Mahasona says:

    To produce an ‘Awajathaka Ballek’ like you a stray dog would have done Digital to your mother.

Main News