2018 ආණ්ඩුව ගෙවූ අමතර ණය පොලියෙන් අධිවේගී මාර්ග 11ක් සෑදිය හැකියි..
October 28, 2019 at 4:40 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන නව රජය මගින් මෙරට ව්‍යාපාරිකයන්ට සහන ලබා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
ගම්පහ දී පැවති වියත්මඟ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාර දෙද්දී රුපියල් 131 වූ ඩොලරය අද වන විට රුපියල් 180 දක්වා ඉහළ නැග ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. ඩොලරයේ මිල වැඩිවීම හොඳයැයි පැවසූ ආර්ථික ඔස්තාර්ලා අද සැගවී සිටින බව ද ඔහු සඳහන් කළේය.
ඉස්සර බැංකු සඳහා තැන්පතු ගෙනෙන්නැයි සේවකයාන්ට ඉලක්ක දුන්නද දැන් ලබා දෙන්නේ ණය නොගෙවීම් සදහා නඩු පැවරීම සඳහා ඉලක්ක බව මෑතකදී තමනට හමුවූ බැංකු සභාපති වරයෙක් පැවසුවේ යැයි ද ඔහු පැවසීය.
2018 වසරේ දී රජය විසින් ගෙවා ඇති ණය පොලි මුදල රුපියල් බිලියන 850 ඒ සදහා අමතර පොලිය පොලිය ලෙස බිලියන 400ක් ගෙවා ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වියදම් වූයේ බිලියන 37ක් බවත් එනම් 2018 වසරේදී මේ ණය පොලිය සදහා වැඩිපුර ගෙවූ මුදලින් එවන් අධිවේගී මාර්ග එකොළහක් සෑදීමට හැකියාව තිබූ බවත් ඔහු සඳහන් කළේය.
එන්ජින් එකයි ඩයින මෝ එකයි එකට තියෙන දෙයක් ලොවේ තියෙනවද
තියෙනවා. බුරූ පුතාණෝගේ කාලකන්නි සරීර කූඩුව.
This is due to planning of our great economists. Most of them do not know basic counting and commonsense to handle daily issues. They think Americans are the world great democracy and thinking of following the steps without knowing the internal issues.
මූත් පට්ටම පට්ට හොර වහලෙක්