හම්බන්තොට වරාය ඉදිරිපිට දූපත අපට ඕනෑ.. නැත්නම් වරායේ ඉතිරි සල්ලි දෙන්නේ නෑ..- චීනය ඩොලර් බිලියන බාගයක් රදවා ගනී..

May 19, 2018 at 10:00 am | lanka C news
හම්බන්තොට වරාය ඉදිරිපිට දූපත අපට  ඕනෑ.. නැත්නම් වරායේ ඉතිරි සල්ලි දෙන්නේ නෑ..- චීනය ඩොලර් බිලියන බාගයක් රදවා ගනී..

වසර 99ක කාලයට චීන සමාගමක් වෙත ඩොලර් බිලියන 1.1ක මුදලකට ලබා දී ඇති හම්බන්තොට වරාය ආසන්න දූපත තමනට ලබා දෙන්නේ නැතිනම් බදු ගිවිසුමට අදාල ඉතිරි වාරිකය ලබා දිය නොහැකි යයි චීන සමාගම ශ‍්‍රී ලංකාවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

මෙම කොන්දේසිය මත ගෙවීම් අත්හිටුවා ඇති මුදල ඩොලර් මිලියන 500ක් පමණ වෙයි.

පසුගිය රජය සමයේ මෙම දුපත සංචාරක ප‍්‍රවර්ධනය උදෙසා ඉදි කරන ලද්දේ ඩොලර් මිලියන 60ක් පමණ වැය කරමිනි.

හෙක්ටයාර 110ක් භූමි ප‍්‍රමාණයක් ඇති මෙම දුපත මේ වන විට වටිනාකම ඩොලර් මිලියන 500 ඉක්මවා ඇතැයිද සදහන්ය.

චීනය පවසන්නේ බදු ගිවිසුම අනුව එම දූපතද තමනට ලැබිය යුතු බවයි.

කෙසේ වෙතත් දූපත මෙරට භූමියක් ලෙස අලුතින් ගැසට් කර චීනයට ලබා දීමට දකුණු පළාත් සභාවේ දැඩි විරෝධය පලවීමත් සමගින් අර්බුදය බරපතල වී ඇත.

94 views

3 Comments to “හම්බන්තොට වරාය ඉදිරිපිට දූපත අපට ඕනෑ.. නැත්නම් වරායේ ඉතිරි සල්ලි දෙන්නේ නෑ..- චීනය ඩොලර් බිලියන බාගයක් රදවා ගනී..”

  1. Ranjan says:

    ess wahagena bara dei. salli thamai onne. rupiyala thawath udayanawa.

  2. Ponil Rilasirita Galak Kapala says:

    There is No island in front of the Hambanthota Harbour. They are talking about the famous “HAMBANTHOTA VARAYA GALA” that Beney Hitapu Vadura Rilasiri talked about when he was in Ponils Group.

  3. Dushantha says:

    අපෝ ඕක ඔය හූ ඈම් පී එකේ නායක තුමාට කිව්ව නන් නිකම්ම ලියෝ ගත්තහෑකිනෙ.

Main News