2020ට ජනාධිපතිලා පෝලිමක් එයි.. දැනටමත් රෙදි මදිති..

March 30, 2017 at 10:00 am | lanka C news
2020ට ජනාධිපතිලා පෝලිමක් එයි.. දැනටමත් රෙදි මදිති..

2020 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම ලක ලැහැස්ති වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමතිවරුන් වන සරත් ෆොන්සේකා, චම්පික රණවක, සජිත් පේ‍්‍රමදාස, රාජිත සේනාරත්න මෙම පිරිස් අතර ඉදිරියෙන් සිටින අතර ඒ සදහා වන මූලික කටයුතුද සූදානම් කෙරෙමින් ඇත.

ඔවුනොවුනට හිතවත් පිරිස් ලවා රටේ මීලග නායකයා වන්නැයි ඉල්ලීම් හා යෝජානා කරවා ගැනීමේ වැඩපිලිවෙලක්ද දැනටමත් ක‍්‍රියාත්මකය.

සමාජ ජාලා ඔස්සේ අමුතුම ආකාරයේ ප‍්‍රචාරක වැඩපිලිවෙලක් ඇතැම් ඇමතිවරුන් විසින් දියත් කරමින් සිටිති.

මේ අතර වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද 2020 ජනාධිපතිවරණයට ස්ථිර වහයෙන්ම ඉදිරිපත් වන බවත් වාර්තා වෙයි.

77 views
Main News