2020දී ජයග‍්‍රාහී ජනාධිපති අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රීයි..- දුමින්ද

August 15, 2017 at 10:00 am | lanka C news
2020දී ජයග‍්‍රාහී ජනාධිපති අපේක්‍ෂකයා ජනපති මෛත‍්‍රීයි..- දුමින්ද

2020 ජනාධිපතිවරණයේදී ජයග‍්‍රාහී අපේක්‍ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

2020දී ශ‍්‍රීළනිප ආණ්ඩුවක් සෑදීම සදහා දැනට ඇති වැරදි නිවැරදි කරගෙන ගමන් කල යුතු බවද මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කලේ අක්මීමනදී පැවති ශ‍්‍රීලිනප බල මණ්ඩලය අමතමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිදු කරනුයේ ශ‍්‍රීලනිපය විනාශ කිරීම බවත් ඔහු කල යුත්තේ අලුත් පක්‍ෂ සෑදීම නොව 2020දී ආණ්ඩුවක් ගැනීම සදහා ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීම බවද මහ ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.

59 views
Main News