2020දී ශ්රීලනිප ආණ්ඩුවක් හදනවා.. පලාත් සභා මැතිවරණය නොපැවැත්වුනේ රනිල්ගේ වරදින්..
September 3, 2019 at 6:11 pm | lanka C news
ප්රගතිශීලී පුළුල් පෙරමුණක් මගින් මීලග ජනාධිපතිවරණය ජය ගෙන 2020 දී ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේ පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂ 68 වන සම්මේලනය අමතමින් ඔහු මේ බව පැවසීය.
මේ දක්වා පලාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වරදකරු අගමැතිවරයා බවද ජනාධිපතිවරයා එහිදී චෝදනා කළේය.