2020 ජනපති හීනය වෙනුවෙන් ආණ්ඩුවේ ලොක්කෙක් බැදුම්කර සල්ලිවලින් ස්වරණවාහිනිය මිලට ගන්න යයි..
August 2, 2017 at 3:00 pm | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩියෙන් වංචා කල මුදලින් ආණ්ඩුවේ ඉහල බලධාරියෙක් විසින් ස්වර්ණවාහිනී රූපවාහිනි ආයතනය මිලට ගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
බැදුම්කර මගඩියේ වංචා කල මුදල් සිංගප්පුරුවට ගෙන ගොස් බැදුමකර බෑණාගේ සිංගප්පුරු සමාගමක් හරහා එම මුදල් නැවත මෙරටට එවා ස්වර්ණවාහිනිය මිලට ගැනීමට වාර්තාවක්ද මහ බැංකුවට ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් මහ බැංකුව විසින් මෙම ඉල්ලීම පිලිගෙන නැති බවද වාර්තා වෙයි.
තමනට එල්ල වන ප්‍රබල දුෂණ චෝදනාවන්ට පිලිතුරු ලබාදීම හා 2020 ජනාධිපතිවරණයට යොදා ගැනීමේ අරමුණින් මෙම උත්සාහය දරා ඇති බවද ඉහල පෙලේ ආරංචි කියයි.
මීට ටික දවසකට කලින්නම් ඒ හීනය මැව්වෙ පැනමා චම්පක.
දැන් අලුතෙන් ඒ හීන මවන්නෙ මොන අපතයද?