2020 ජනාධිපති හීනය පොදි බැදන් චම්පික එජාපයට.. නියෝජ්‍ය නායක කමක් සමග හෝමාගම ආසනයත්..

April 5, 2017 at 2:10 pm | lanka C news
2020 ජනාධිපති හීනය පොදි බැදන් චම්පික එජාපයට.. නියෝජ්‍ය නායක කමක් සමග හෝමාගම ආසනයත්..

බස්නාහිර සංවර්ධන සහ මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා නුදුරු දිනක දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රණවක මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයක් හා හෝමාගම ආසන සංවිධායක ධුරය බලාපොරොත්තු වුවද ඒ සම්බන්දයෙන් එජාප නායකයා මෙතෙක් අවසන් තීරණයක් දන්වා නැතැයිද සදහන්ය.

2020 දී ජනාධිපති වීමේ සිහිනය දකිමින් සිටින රණවක ඇමැතිවරයා මේ වන විටත් ඒ සඳහා විවිධ උපායමාර්ග අනුගමනය කරමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයට එකතු වීම ද එහිම එක් පියවරක් බව පැවසේ.

නූතන දොන් ජුවන් ධර්මපාල කියමින් එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අපහාස කළ රණවක ඇමැතිවරයා වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම කාගේ දෛවයේ සරදමක් ද පැහැදිලි නැත.

152 views
Main News