2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා..- විදුර

September 29, 2020 at 10:40 am | lanka C news
2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා..- විදුර

රට අද වන විට මෙතරම් පස්සට යන එක් හේතුවක් වී ඇත්තේ දේශපාලනඥයින් පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීම බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

දේශපාලඥයන් ලෙස පුද්ගලයෙක න්‍යාය පත‍්‍ර තිබිය නොහැකි බවත් එසේ තිබුණහොත් එතන කඩා වැටීමක් ඇති වෙන බව ද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව හරියට ක්‍රියාත්මක නො නොවුනොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව දරුණු තීරණයක් දිය හැකි යැයිද පැවසූ ඔහු 2020 දී ලබා ගත් ජයග්‍රහණය 2025 මැතිවරණයේදී කණපිට හැරී මේ අවස්ථාවක් ඇති බවද සඳහන් කළේය.

2010 දී ලබාගත් ජයග‍්‍රහණය 2015 කණපිට හැරුණු බවත් 2015 දී ලබා ගත් ජයග්‍රහණය 2020දී කණපිට හැරුන බවත් ඔහු පෙන්වා දුන්නේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

44,463 views

15 Comments to “2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා..- විදුර”

  1. nim says:

    ඉඩ නෙවෙයි. කරනවා . අපි චන්දෙ දුන්නේ ජනාධිපතිව විශ්වාස කරලා. සියලුදෙනාට එක නීතියක් ,,වනාන්තර රකී කියල, බැංකු සුද්දකරපු උන්ගේ වත්කම් රාජ්‍ය බාණ්ඩාගරයට ගනී කියල . එහෙම නැතුව එක එකගේ personal agendas ක්‍රියාත්මක කරන්න නෙවෙයි.

  2. Deshapremi says:

    Mae monawada kiyana pissu kata?

  3. බන්ඩා says:

    හොරණ UC එකේ ඉන්න වැඩ බැරි හොරු ටික නිසා 2025 දි විදුර පරාජය වෙන්න ඉඩ තියනවා.

  4. උක්කුං පුතා says:

    අපෝ බයවෙන්න එපා. ඔබතුමාල මොන පිස්සුව කෙලියත් (ඔබතුමා නම් එහෙම නෑ) බයි මී හරක් රැළ ඉන්නවා දිනවන්න.

  5. saman says:

    අපේ රටේ ජනපති කම සරත් වීරසේකර මහතාටත් , අගමැතිකම විදුර වික්‍රමනායක මහතාටත් ලැබෙනවා නම් මේ රට හැදෙනවා. පවුලකින් එය බලාපොරොත්තු වන්න බැහැ

  6. nuwan says:

    මේ හාදයා කණපිට හරව හරව ඉන්නවා.කරන වැඩක් නැ. කයිවාරුව විතරයි.

  7. saman says:

    එහෙම හිතන්නවත් එපා. අපි හැමදාම ඔබ තුමලා සමගයි.

  8. Cool says:

    කනපිට හොද පිට ගැහුවා ඇති මේ ආණ්ඩුව හරියට කලේ නැත්නම් අලුත් පිටක් තමයි ගහන්න ඕනැ.

  9. John the baptice says:

    ආප්ප කාලා පැන්න සමාගමේ අය ගැනද කියන්නේ ?

  10. හසිත says:

    මනුස්සයෝ වැඩ කරපන් … එක්කකෝ ආණ්ඩුවෙන් අයින් වෙයන් මහා දෙපැත්ත කන්නේ නැතුව

Main News