2020 දී ත් අගමැති රනිල්.. ඩිලාන් අංගොඩට…
July 16, 2018 at 4:40 pm | lanka C news
2020 වසරේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීමට නියමිත ඩයගම වෙවර්ලි වතුයායේ නිවාස 80 ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයකට එක්වෙමින් ඊයේ (15) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මීට අමතරව ආඟරපතන පෝර්ඩේස් වතුයායේ නිවාස 50 ක් සහ බොගවන්තලාව ලොයිනන් වතුයායේ නිවාස 25 ක් සඳහා ද මුල් ගල් තැබීම අමාත්‍යවරයාගේ සුරතින් සිදුකෙරිණ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ තමන් වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩ කිරිමට පැමිණි අයෙකු බවයි.
මිට වසර දෙකකට ප්‍රථම වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ වතු හාම් පුතුන්ගේ සංගමය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප එදා රුපියල් 1000 දක්වා වැඩි කිරිමට නොහැකි වුයේ තමන් එය පාවා දුන් බවට හිටපු අමාත්‍යය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශයක් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
තමන් වතු කම්කරුවන් වෙනුවෙන් වැඩ කිරිමට පැමිණි නායකයකු බවත්, බලය රැක ගැනීම සදහා හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙන් ප්‍රතිපත්ති පවා නොදෙන බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලමේනතුවට පැමිණි ඩිලාන් පෙරේරා මහතා වර්තමානයේ එකාබද්ධ විපක්ෂය සමග එක් වි, හිටපු ජනාධිපතිවරයා මෙරටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් පත් කිරිමේ උත්සහයක නිරත වි සිටියත්, එය කිසි දිනක ඉටු නොවන උත්සහයක් බවයි අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ප්‍රකාශ කළේ.
ඉදිරි මහ මැතිවැණයේ දි ඩිලාන් පෙරේරා මහතාට සිදු වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට බවත් හැකිනම් අංගොඩ පිහිටි මානසික රෝහලෙන් මොළය පරික්ෂා කරනගන්නා බවටත් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙම උත්සවයේදි වැඩි දුරටත් කියා සිටියේය.
– අරුණ රත්නායක
වතු දෙමලට කිරි උඩරට සිංහලයාට කැකිරි දීපල්ලා තවත් චන්දේ මුන්ට
Ayi BUUURU PUTHE,
Uba dekke nedda SAJITH SINHALA minissutanta ADARSHA GAMMANA hadapu eka ??
මුන්ට එව්ව වැඩක් නැහැ. මුන්ට ඕන ජාතිවාදය අවුස්සලා පොහොට්ටුවට චන්දෙ හදලා දෙන්න විතරයි හැබැයි මේක පර්සි කරා නම් මුන් කියන්නෙ සෑම ජාතියකටම සලකන හොඳ නායකයෙක් කියලයි, මුන්ගෙ ඇති ජාති ආලයක් නැහැ මුන් වාසියට කබරගොයත් තලගොයා කරගන්න පර හැත්තක්.
උසනම් සිකුටරි කොටනම් කම්කරු ඒ ගැන නම් දන්නවා
ලංකාව ගොඩගත හැකි රටක් ද නැද්ද?
https://www.youtube-nocookie.com/embed/WJ811Su-22M
පේනවා නේද මුන්ගෙ දිගම්බරන්ලගෙ ජනතාව බෙදල රට බදෙන ප්ලෑන් එක. සිංහලයනිි නොබදෙියව්. සිංහලයනි රනිලා පරාජය කොරන්න එක් වව්.
Ehenam uba MAGONATA
මගොන (MAGONA) කියන්නෙ මොකක්ද මචෝ?
අම්මට උඩු! එහෙනම් මේක කල්ලතෝනින්ටම ගිය රට?
ඒ මොකෝ රනිල්ට ජනාදිපති වෙන්න බැරි බවනේද මේ කියන්නෙ. අගමැති වෙන්නත් බැහැ.
මිනිහට මේ කපේදි තාත්ත කෙනෙක් වෙන්නත් බෑ නේද?