2020 දී විශ‍්‍රාම නොගොස් ජනාධිපති කරන්න යන දේ මෙන්න..

May 7, 2018 at 11:22 pm | lanka C news
2020 දී විශ‍්‍රාම නොගොස් ජනාධිපති කරන්න යන දේ මෙන්න..

තමන් 2020 දී විශ‍්‍රාම නොලබන අතර, නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය වසර තුනක මහගු අත්දැකීම් සමුදාය ඒ ස`දහා ආශිර්වාදයක් කර ගන්නා බව ද ස`දහන් කළ ඔහු රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයින් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද ස`දහන් කළේය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (07) පස්වරුවේ මඩකලපුවේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි.

,ජාතික සමගියට කම්කරු ජවය, තේමාව යටතේ දිවයිනේ සියලූ පළාත්වලින් පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම කම්කරු රැුළියට ජාති, ආගම් බේදයකින් තොරව ද විශාල ජනතාවක් ඒකරාශී වි සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රට ගොඩනැගීම ස`දහා නව දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රටට හ`දුන්වා දෙන බවයි. නව ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ලෙස ජතතාවදී පක්ෂයක් බවට පත් කරමින් සහ පක්ෂයේ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ද පැවසූ ජනාධිපතිතුමා එම නව වැඩපිළිවෙළට එක්වන්නැයි තමා මේ රටේ සියලූ වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ද ස`දහන් කළේය.

කිසිදු ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැතිව බලය ලබා ගැනීමට පමණක් සිහින දකිමින් 2020 දී අලූත් ආණ්ඩු සෑදීමට ඇතැමුන් අද සූදානම් වන අතර, එම පිරිස අතර සොරකම් නොකළ සහ මිනිස් ඝාතන සිදු නොකළ අවංක පිරිස කී දෙනක් සිටිනවාදැයි තමන් ප‍්‍රශ්න කරන බවත්, එබැවින් අවංක දේශපාලනඥයින් ලෙස සුදුසු අය පමණක් 2020 දී නව ආණ්ඩු සැදීමට ඒකරාශී වන්නැයි තමන් ආරාධනා කරන බවත් ප‍්‍රකාශ කළේය.

මේ රටේ අහිංසක ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම්ගත් සහ රටේ ජාතික සමගිය ගොඩනැගීම ස`දහා ස්ථිරසාර වැඩපිළිවෙලක් මෙන්ම මතු පරපුර වෙනුවෙන් හොද රටක් ගොඩනගීමේ නිසි වැඩපිළිවෙළ සහ රටේ ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය රකින වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතු අතර එම වැඩපිළිවෙලට නව ජවයක් ලබාදෙමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජාතින් අතර සමගිය සහ සහෝදරත්වය ගොඩනැගීම්දී වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ කම්කරු ජනතාවට ඉටුකළ හැකි මෙහෙවර සුවිශේෂී වන අතර රටේ මතු පරපුර වෙනුවෙන් ජාතික සමගිය සහ සංහි`දියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළට ඒකරාශි වන්නැයි තමා ඔවුන් සියලූදෙනාට ආරාධනා කරන බව ද පැවසීය.

හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතු`ථ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැුසක් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතු`ථ පක්ෂ කි‍්‍රයාකාරිහු මීට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

109 views

15 Comments to “2020 දී විශ‍්‍රාම නොගොස් ජනාධිපති කරන්න යන දේ මෙන්න..”

  1. chandapala says:

    දැන්ම විශ්‍රාම යන්නේ කොහොමද ??. ශ්‍රීලනිපයේ තව ඩිංගක් ඉතුරුවෙලා තියනවා. ඒකත් කාල ඉවර කරනකම් ඉවසපල්ලා !!.