2020 වන තෙක් වෙනසකට ජනපති සූදානම් නෑ.. ශ්‍රීලනිප අවසන් බලාපොරොත්තු බිද වැටේ..
January 5, 2017 at 7:06 am | lanka C news
ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතින් හමුවීමක් එජනි සන්ධාන ලේකම් මහින්ද අමරවීරගේ කොළඹ නිවසේදි පෙරේදා රාත්‍රියේ පැවැත් වූ අතර ඊට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද සහභාගි විය.
මෙම සුහද හමුව සහ සාකච්ඡාවට සහභාගි වු මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය තුල අපේක්ෂා කලේ රටේ වර්තමාන තත්වය සහ රටේ නැගි එන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ කාර්යය භාරය මෙන්ම ඉදිරියේදී රට හමුවේ පැන නගින අභියෝග ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයාගේ සැලැස්ම සම්බන්දයෙන් සාකච්චා කිරීමයි.
එහෙත් ජනාධිපතිවරයා සාමාන්‍ය පරිදි දේශපාලන කතාවක යෙදී ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර ද මැති ඇමතිවරුන් ගේ ප්රශ්නවල උත්තර දෙමින් පවසා ඇත්තේ රටේ මිනිස්සු කොච්චර බැන්නත් අන්තිමට ප්‍රධාන පක්ෂ දෙකට හැර සෙසු කුඩා පක්ෂවලට ඡන්දය නොදෙන බවය.
රාත්‍රි භෝජනය සංග්‍රහය සමග සුහද හමුව සුපුරුදු පරිදි අවසන් වුවත් මැති ඇමතිවරුන් ගේ ප්‍රශ්ණවලට නිසි පිලිතුරැ ජනාධිපතිවරයාගෙන් නොලැබුණේ යයිද වාර්තා වෙයි. හමුව අවසන් වූ පසු එහි ගිය බොහෝ දෙනෙකුගෙන් කිය වුනේ කිසිදිනෙක ජනාධිපතිවරයා 2020 දක්වා මේ පාලන ක්‍රමය වෙනස් නොකරන බවය.
එයට ප්‍රධාන හේතුව රනිල් වික්‍රමසිංහ සමඟ මොන අර්බුද 2015 ජනාධිපතිවරණයේ දි පොරොන්දු වූ පරිදි නව ව්යායවස්ථාවක් ගෙන ඒම මූලික කරුණක් වන බැවින් බව එය ඉටු කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග රනිල් වික්‍රමසිංහ හරහා කර ගැනිමට පහසු බවකි.
මහින්ද අන්දන සිරාගෙ ප්ලෑන් B ඒකට මුට්ටිය දමල බැලුවත් ඒක වැඩ කලේ නැති බව දැන් පැහැදිිලිය්.
මු මේ තනතුර දාල යන්නේ මේ රටේ සින්හලයාව අනාතම කරලා ඒ මොකක් නිසාවත් නෙවෙයි මුගේ තියෙන බල තන්හාව නිසා තුහ්
ඔහොම හිටිං කො හිටං අපි වෙනසක් කරල පෙන්නන එන චන්දෙදි
Mathripala Sirisena is New UNP leader. People of SLFP think that MS is New leader of SLFP
That is wrong.
MS will never change his position of UNP politics by supporting to RanilW..is old UNP leader.
MS will never betray UNP policies.
He(MSS) run covered operation of remain UNP party in power.
මූට ඕනෙ යු. ඇන්.පිය ආරක්ශා කරන්න, සිරිලන්කා අරක එල්ලගෙන ඉන්න එලුවන්ට ඒක තේරෙන්නේ නැහැ, තුක් නොදෝකින් විතරක්