මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්..

December 3, 2021 at 3:20 am | lanka C news
මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්..

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අගමැතිතුමා කීවේ ඇත්තද ?

කැලණි නව පාලම විවෘත කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ‘යහපාලනය ණය ගත්තා මිස කළ දෙයක් නොමැති’ බවය. තවදුරටත් එතුමා කීවේ එතුමාගේ ධූර කාලයේදී (2005-15) අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ, වරාය වැනි බොහෝ සංවර්ධන කටයුතු කෙරී ඇති බවය.

පසුගිය ජනාධිපතිවරණයට (2019) පෙර ‘වියත්මඟ’ වේදිකාවේ උස්හඬින් කී සටන් පාඨයක් වූයේ 2005-15 කාලයේ 6-7% ක තිබූ ආර්ථික වර්ධනය යහපාලන කාලයේ (2015-19) 2-3% ට වැටුණු බවය. නැවත 6-7% ක වර්ධනය ලබාගන්නට රාජපක්ෂවරුන්ගේ ‘වැඩකරන රටක්’ සඳහා බලය ගතයුතු බව අවධාරණය කෙරිණි.

ඇතැම් ආගමික නායකයින්ද විටින් විට ප්‍රකාශ කරනුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙවීමට සිදුව ඇත්තේ යහපාලන කාලයේ හා එයට පෙර ගත් ණය බවය.

මෙහි ඇත්ත කුමක් ද ?

ණය ආපසු ගෙවීමේ අපහසුතාවයට අප රට පත්ව ඇත්තේ අපේ විදේශ ණය ආපසු ගෙවීමේ නොහැකියාව මූලික වීමෙනි.  ඩොලර් හිඟය හා භාණ්ඩ ආනයනය සීමාවීම නිසා භාණ්ඩ හිඟය, කළු කඩය හා අධික මිළ ගණන් ඇතිව ඇත්තේ ඒ නිසාය.

අපේ විදේශ ණය කළඹ ගත්කළ එහි මූලික ප්‍රශ්නය වී ඇත්තේ සහනදායී (අඩුපොලී හා දීර්ඝ කාලීන ආපසු ගෙවීම්) විදේශ ණය වෙනුවට සහනදායී නොවන හා  වාණීජ ණය දක්වා ශ්‍රී ලංකාව ගමන් කිරීමය. එනම් වැඩිපොලී හා කෙටිකාලීන ණය වැඩි වීමය. එහි තත්ත්වය මෙසේය.

සහනදායී නොවන හා වානීජ ණය ප්‍රතිශතය සමස්ත විදේශ ණය කළඹ තුළ වෙනස්වීම මෙසේය.  (ප්‍රතිශතය ලෙස)

ඒ අනුව මහින්ද රාජපක්ෂ යුගය ආරම්භයේ 8% සීමාවේ තිබූ වානීජ හා සහනදායී නොවන ණය ප්‍රතිශතය 2015 වන විට 47% දක්වා අසාමාන්‍ය ලෙස ඉහළයෑමත් ඒවා කෙටිකාලීන නිසා ආපසු ගෙවීමට සිදුවීමත් සිදුවිය.

මේ නිසා 2016 සිට අලුත් වානීජ ණය ගනිමින් පැරණි වානීජ ණය පියවීමේ විෂම චක්‍රයට රට හසුවිය. මේ නිසා 2019 වන විට වානීජ ණය හා සහනදායී නොවන ණය ප්‍රතිශතය 58% දක්වා වැඩිවිය. එමෙන්ම රට විසින් විදේශ විනිමය ලෙස ණයට ගන්නා මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ‘සංවර්ධනය නොව’ ණය ආපසු ගෙවීමට යොදා ගැනීමේ තත්ත්වයක් උදාවිය.

ඒ මෙසේය.

මෙයින් පෙනී යන්නේ 2017-19 කාලය වනවිට ගන්නා විදේශ ණය වලින් 90-95% ක් කලින් ණය පියවීමට ගිය බවය.

ඒ කාගේ ණය ද ?

විදේශ ණය ආපසු ගෙවීමේ ණය වාරිකය (Principal Payment) සලකා බලන කල (SLDB නොවන) පසුගිය වසර දෙකෙහි තත්ත්වය මෙසේය.

මෙයින් පෙනී යන්නේ 2005-14 සංවර්ධන බුබුල එනම්, වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ ශාලා, නෙළුම් කුළුණ හා අධිවේගී මාර්ග ආදී ව්‍යාපෘතිවල ණය ගෙවීමේ කාලය 2016 සිට එළැඹ ඇති බවත් 2020/21 කාලයේදී ඇතිව ඇති විදේශ විනිමය හිඟයට හේතුව එය බවත්ය.

මෙය මැනවින් පෙන්වන සංඛ්‍යා ලේඛනයක් මෙලෙසය.

ශුද්ධ විදේශ වත්කම් (මහ බැංකුව – NFA – CBSL) හා ශුද්ධ විදේශ වත්කම් (මහ බැංකුව+බැංකු  පද්ධතිය) NFA (CBSL+Banks) හා නිල විදේශ සංචිත තත්ත්වය මෙසේය.

මෙයින් පෙනී යන්නේ මේ වනවිට මහ බැංකුව හා බැංකු පද්ධතිය දරුණු විදේශ විනිමය අර්බුදයක ගිලී ඇති බවය.

ඉදිරි වසරේ (2022) ණය ගෙවීමට (ඩොලර් බිලියන 07 ක පමණ), ඉන්දන ඖෂධ ඇතුළු භාණ්ඩ ආනයනයට ආදී සියල්ලටම (අපනයන හා වෙනත් ආදායම් හැරුණු විට) අපට ඉතුරුව ඇත්තේ ඩො.මි. 1500 ක් (එයිනුත් 300 ක් රත්‍රන්) පමණි. රට ක්‍රමයෙන් මූල්‍ය වශයෙන් බුන්බත්වීම නැමති අගාධයට ඉදිරි මාස කීපය තුළ ඇදවැටෙමින් ඇති බව ඉතා පැහැදිළිය.

අද සිදුවෙමින් පවතින්නේ මෙම අගාධයේ ඇද වැටෙමින් ගැයෙනා ආණ්ඩුවේ නරි වාදම් වලට සවන්දීම පමණි. ආණ්ඩුව දැන්වත් එම පිස්සු වැඩ, මෝඩ වැඩ හා විහිළු සැපයීම නවත්වා සබුද්ධික මූල්‍ය කළමණාකරණ ක්‍රියාවලියකට ගමන් කළ යුතුය.

51,474 views

20 Comments to “මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්..”

  1. Dilan says:

    ආර්ථික වර්ධන වේගය ගැන කියන්නේ නැතුව හිමින්ම පැන්නා

    2015-2019 ආර්ථික වර්ධනය 2% ට බැස්ස නිසා තමයි නය ගෙවන්න බැරි කියල හෙළිවෙනවා.

    මෙව්වා තොපියි 3% ලැබූ උඩ දඟලන උනුයි කරපු වැඩ.

    • harsha says:

      ආර්ථීක වර්ධන වේගය කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය. ඒ කියන්නේ රටේ සියළු දෙනාගේම ආදායම. ණය ගෙවන්න යොදවන්නේ රාජ්‍ය ආදායම මිසක් ඒක නෙවෙයි.

  2. Jagath says:

    ඕක කියන්නත් දෙයක් ද?

  3. P c R says:

    Peecha Ranawaka Eluwage labba wetenakan
    Nidimaranawa!

    Why does he love the country to fail ?

  4. කුක්කා says:

    ජම්පර් ඇඳගෙන හිරේ ඉන්න ඕනෑ එකා කොහොමද තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තු බලතල අනිසි විදිහට පාවිච්චි කර තරුණ ජීවිතයක් සදාකාලික අබ්බගාතයෙකු කර උසාවිය නොමග යැවූ මොහු බේරී ඉන්නේ කවුරු විසින් බලය පාවිච්චි කරලාද?

  5. A Sri Lankan says:

    The result of major infrastructure projects with inflated project costs and funded by short-term loans at commercial rates. It’s like building a house by taking a Bank Overdraft..!!

  6. vis8 says:

    Shut up, pervert. You should be in prison.

  7. Banda says:

    The other aspect not covered by this analysis is the impact of Foreign Investors leaving the Colombo Stock Market. How much money have they taken back this year..

  8. Gamaraala says:

    Repayment of loans taken between 2005 – 2014

    69 % in 2020
    77 % in 2021

    Will the Pohottu Government dispute this ?

  9. rata banda says:

    oya dakkamai rthmange rata kada wetenkota ekata uda gedi dena kalakanni jathiyak api.mona anduwa unth apita wedak na but ma wage kalkanni inkan ratak hadanna ba thman agmathi jandipathi wenna sihina mawa ratata kela wenakn blan inna kala kanni mun marunam waltath hena gahanwa

  10. PB says:

    ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව වහාම ණය ගෙවීම නවතා දැමිය යුුතුය !!!!
    ලෝකයේ රටවල් කීපයකම බිහිවූ ප්‍රගිතිශීලී ආණ්ඩු (බටහිරට) ණය නොගෙවන සාධාරණ ප්‍රතිපත්තිය සිය ජනතාව මරණයෙන් බේරා ගැනීම සදහා උපයෝගී කරගෙන ඇත.
    තව දුරටත් ණය ගෙවාගෙන යාමේ අපරාධයට විරුද්ධ වී ඊට එරෙහිව සටන් කර ජාතිය නිරක්තියට පත්කරන “මහා රුධිර මංකොල්ලය” නවතා දමමු.එය මේ මොහොතේ විසදුමයි.
    ආණ්ඩුවද,විපක්ෂයේ සියලුම පක්ෂද, පක්ෂ නායකයන්ද, වෘත්තීය සමිතිද අවස්තාවට නොගැලපෙන “සටන්, අරගල, විසදුම්” පසෙකලා වහාම ණය ගෙවීම නවතා දැමීමේ එකගතාවයට පැමිණ ණය ගෙවීම නවතා දැමියයුතු බව අප ප්‍රකාශ කර සිටිමු – PB

    • Red Line says:

      බටහිර බලවතුන්ට හා මූල්‍ය පතාකයන්ට ලංකාවේ පාලකයන් හා ආණ්ඩු සම්බන්ධයෙන් රතුඉර කුමක්ද? මානව හිමිකම්ද..යුද අපරාධද..මාධ්‍ය නිදහසද ? නෑ ඒ එකක්වත් නොවේ..ඒ රතුඉර ඔවුන්ට අය විය යුතු ණය වාරික හා පොලී ඩොලර් වලින් ගෙවා දමන සහතිකයයි.
      මේ වන විට ලෝකටේ රටවල් කීපයකම බිහිවූ ප්‍රගිතිශීලී ආණ්ඩු බටහිරට ණය නොගෙවන ප්‍රතිපත්තිය සිය ජනතාව මරණයෙන් බේරා ගැනීම සදහා උපයෝගී කරගෙන ඇත.
      ආණ්ඩුව හා විපක්ෂය (සජබ,යූඇන්පී,ජවිපෙ..) ඇතුළු සමස්ථ පාර්ලිමේන්තුවද ලංකාවේ ඡන්ද ක්‍රමය තුල ලියාපදිංචි සියලුම පක්ෂද තම පැවැත්ම වෙනුවෙන්, මෙම ණය ගෙවීම සම්බන්ධව බටහිර සමග නිහඩ එකගතාවයක හිදී,එයට විරුද්ධ වීමේ හැකියාවක් ඔවුන්ට (225) නැත.
      මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම කල ලෙසටම ගෝටා-මහින්ද ආණ්ඩුවද තම මූලික පූජනීය රාජ්‍ය කර්තව්‍යය ලෙස,බටහිර මූල්‍ය ආයතන වලට ගෙවිය යුතු ණය වාරික හා පොලී සතයකුද අඩු නැතිව මදකුදු පමා ‌නොකර ඩොලර් වලින් ගෙවා දමමින් සිටී.
      වාහන ආනයනය,ආහාර,ගෑස්,පොහොර ආනයනය අත්හිටුවා,හැම අස්සක් මුල්ලක් අතගා IMF හා World Bank අල්තාර මත දොහොත් මුදුන් තබා පුදන ඩොලර් වලින් බටහිර දෙවිවරුන්ගේ දේව උදහස දුරුවී ඕනෑම දූෂිත,අත්තනෝමතික,මර්ධනකාරී පාලනයකට Green Light දැල්වී මහත් ආනිසංස ලැබෙන බව ඔවුන් දනී