2025 දක්වාම මේ රජය ගෙනයනවා.. විපක්‍ෂයේ ඔක්කොම හිරේ යනවා.. ආණ්ඩු පෙරලන්නත් අපි නැතිව බෑ..

August 6, 2017 at 6:48 pm | lanka C news
2025 දක්වාම මේ රජය ගෙනයනවා.. විපක්‍ෂයේ ඔක්කොම හිරේ යනවා.. ආණ්ඩු පෙරලන්නත් අපි නැතිව බෑ..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දහවල් අනුරාධපුරයේ දී පැවැත්ව්නි.

‘යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසු බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකචිඡාවේ දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ. රජය ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා. වසර 2020 න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. රජය පෙරලා දැමීමට කෑ ගහන අය එව්ට ඉන්නේ බන්ධනාගාරවල. වසර 2025 දී තමයි අපි තීරණය කරන්නේ නව රජයක් බිහි කරනවා ද නැද්ද කියලා. එම නිසා රජය පෙරලාදමන්න කාටවත් බැහැ. පෙරලා දමන්නත් අපි ඉන්න ඔිනි. ඒක තමයි යථාර්ථය’

– ප‍්‍රසන්න අධිකාරී

170 views
Main News