2025 වන විට ණය බරින් තොර රටක්..- එජාපය කියයි..

July 17, 2018 at 6:48 pm | lanka C news
2025 වන විට ණය බරින් තොර රටක්..- එජාපය කියයි..

2025 වසර වන විට ණය බරින් තොර රටක් බිහිකිරීම රජයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිණි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

දිවයිනේ එක් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට රුපියල් මිලියන 200 ක මුදල් ප‍්‍රතිපාදන වෙන්වන බව ද ඇය සදහන් කළාය.

රුපියල් මිලියන හයයි දශම අටක මුලක් වැය කරමින් නාඋල මහජන ක‍්‍රිඩාංගනයේ ඉදිකළ නව ක‍්‍රිඩා පේ‍්‍රක්ෂකාගාරය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව ස`දහන් කළාය.

දිවයිනේ සෑම ගම්මානයකම පවතින අඩුපාඩු සකස්කර නොවැම්බර් 30 ට පෙර අවසන් කිරිමේ අරමුණින් ‘ගම්පෙරළිය’ වැඩසටහන යටතේ මෙම සංවර්ධන කටයුතු සිදුවන බව ද ඇය ස`දහන් කළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය.

‘තමුන්නාන්සේලා දන්නවා. අපි විශාල ණය උගුලක හිරවෙලා ඉන්න ගමන් තමයි මෙවැනි සංවර්ධන කටයුතු ගමට ගෙනඑන්නේ.

පසුගිය රජය සමයේ අරන් තිබුන විශාල ණය කන්දේ පළමු වාරිකේ දැන් අපි ගෙවලයි ඉන්නේ.

මම හිතන්නේ මිලයන 200 ක් මේ නාඋල කොට්ඨාශයට ලැබෙනවා කියන්නේ ගම්මාන වල ඉතිරිවෙලා තියෙන වැඩකටයුතු විශාල ප‍්‍රමාණයක් අපිට ඉවර කරන්න පුලූවන්.

ක‍්‍රිඩාව තුළින් සමාජයේ ජීවත්වන්නේ කොහොද කියන එක ඉගෙනගන්න පුලූවන්.ශාරිරික පැත්තෙන් හා මානසික පැත්තෙන් ගත්තත් ක‍්‍රිඩාව තුළින් විශාල මෙහෙයක් ඉටුවෙනවා.

මේ ක‍්‍රිඩාංගනය ඉදිකරන්න මුල් වෙචිච විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර නාඋල හිටපු ප‍්‍රාදේශිය ලේකම් නිශාන්ත කරුණාතිලක මහත්තයා අමතක කරන්න බැහැ.

නාඋල කොට්ඨාශයේ පාසල් දරුවන්ට මේ ක‍්‍රිඩා පිටිය හරහා මහගු සේවාවක් කරන්න වර්ථමානයේ මේ ක‍්‍රිඩාපිටිය භාරවන නාඋල ප‍්‍රාදේශිය සභාවට හැකියාව ලැබෙන්න කියලා අපි පාර්ථනා කරනවා.’’ යැයි ද ස`දහන් කළාය.

– ඉන්දික අරුණ කුමාර

150 views

16 Comments to “2025 වන විට ණය බරින් තොර රටක්..- එජාපය කියයි..”

  1. Kadiya says:

    මේ මොන පිස්සු හටනක්ද? මේකිගේ හිතේ මුන් 2025 වෙනකම් බලේ ඉන්නවා කියල. හීන දැකීමට ඕනෑම ගොනෙකුට වගේම එලදෙනකුටද අයිතියක් ඇත. නමුත් 2025 වෙනකම් බලේ ඉන්නවා කියලා නාඋල අසරණ මිනිසුන් රැවටීමට එලදෙනකුට වුවද අයිතියක් නැත

  2. රොන් says:

    ඔව් මන්ත්‍රි තුමිය. 2025 වෙනකොට මුලු රටම විකුණලා ඉවර වුනාම අපි ඒකාන්තයෙන්ම ණයෙන් නිදහස් වෙනව. කොන්ඩඤ්ඤ බමුණා හිටියත් කියන්නේ මේ ටිකමයි.

  3. සකල බුජං says:

    2025 වෙනකොට ඔයාගෙ බරත් වැඩිවෙලා ඔයාටත් බර වැඩි වෙයි.කල්පනාවට ඉන්න කුමාරි විජේරත්න.

  4. David Milli-banda says:

    කුමාරි විජේරත්න…………… lakunu dagannada nathi nam chanda laba gannada may katha?
    nathi nam kawuruth balawathek innawada oru padinna 2025 wenakam?

Main News