2029 වෙනතුරු ඩොලර් නෑ..- බන්දුල
January 20, 2022 at 3:22 am | lanka C news
අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අද ආණ්ඩුව වෙනස් වුවද 2025 වෙනස් වුවද එම තත්වය වෙනස් නොවනු ඇති බවත් හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
“අපේ රටේ මේ වන විට ප්‍රධාන අර්බුදයන් 3ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ (ඩොලර්) අර්බුදය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන ආර්ථිකය කඩා වැටිලා එතනින් ගොඩ ඒමේ අර්බුදය. ජනාධිපතිවරයාගේ කතාවේ බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ බව මම සඳහන් කරන්න ඕනී.
මේ විදේශ විනිමය අර්බුදය අද ඊයේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ නිදහස ලැබුනු දවසේ සිට කවුරු ආණ්ඩු කළත් ලංකාවට භාණ්ඩ ආනයනය කරන්න යන වියදම වැඩිවන වියදමට සාපේක්ෂව අපි ආදායම් වැඩි කරගත්තේ නැහැ. 1977න් පසු ලංකාවේ තිබුණේ වෙළද හිඟයක්. හැමදාම අපි කරලා තිබෙන්නේ මේ රටේ නිෂ්පාදනය කිරීමට වැඩියෙන් පිටින් ගෙනල්ලා පරිභෝජනය කරලා තිබෙනවා.
මේක තමයි ප්රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරැ ප්රශ්නය පිළිබඳ අවබෝද කර නොගෙන ඒ අවස්ථාවේ ඇති වන වාසිදායක තත්ත්වය තුලදී විදේශ විනිමයෙන් බඩ පිනුම් ගැසීමත්, දුෂ්කරතාවයන්හීදී කාට හරි ඇගිල්ල දිගු කිරීමත් තමයි සිදු කරලා තිබෙන්නේ.
2029 වෙනකන් මේ අර්බුදයට මේ රට මුහුන දෙන්න ඕනී. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ. මෙහෙම ස්වෛරීත්ව බැදුම්කර නිකුත් කරලා ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව වගේ මෙලෙස ණය අරගෙන නෑ.
මේක ගෙනියන්න බැරිවුනු තැන මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් කියන මේ රටේ කොටසක් ඇමරිකා එක්සත් ජනපදයට පාවා දෙන ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති වුනා. අද බංග්ලාදේශයෙන් 250ක් ගන්නවා කියන කට්ටිය ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් සඳහා තමයි මුලු රටම පාවාදෙන එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න ගියේ. ඒ තරමටම වැටිලා තිබුණේ.”
රටින් (ඩොලර්) යන්නේ තිරුපති ජෙට් එකේලු
🌷👍❤
dollar serama ubalay chinay huraganama kwanaee,tuk jara haththa
Alapaluwa මෙන්න මේකා කියනවා 2029 වෙනතුරු ඩොලර් නෑලු.
ඉක්මනට වරෙන් මචෝ ඩොලර් ටිකක් තියල දෙන්න
Please do not listen to this guy. His economics and himself has ruined the country. Keep your mouth shut you Mr. 2500.
me pitasakwala jeewiyek wage inna ketha muna dekkama isellama vamene yanaya itapasse muge katha ahuwama pachane hedenewa e tharam hirikithai. munta henama gahanna ona