බැදුම්කර සල්ලි ගත් 118 ලේඛණයක් අන්තර්ජාලයේ…
June 4, 2018 at 3:00 pm | lanka C news
බැඳුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මූල්‍ය ආයතන මගින් මුදල් ලබාගත් පුද්ගලයින් 118 දෙනෙකුගේ යයි කියන නාම ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
තම නමද එහි ඇතුළත් කර ඇති බවත් එම ව්‍යාජ කූට නාමලේඛනය පිළිබඳව විධිමත් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එවන් පුවත් අන්තර්ජාලයට මුදාහරින්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පොලිසියට පැමිණිලි කලේය.
නිශාන්ත වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා ලෙසත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙසත් දුසණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා ලෙසත් කටයුතු කරයි.
ලෝක බැංකුවවත් නොදෙන මුදලක්
ඇලෝසියස් දීලනෙ එතරම්ම මුදලක්
මැති ඇමතිවරුනටම මිලියන මුදලක්
ගත් අය වෙස් ගනි කියා තෑගි මුදලක්
දුගියාට නොවැ කවුරුත් මුදලක් දෙන්නේ
දුගිය අමතකව ඇලෝසියස් ඇයි දෙන්නේ
රහස එලිවෙලා එතුමලට මල වද දෙන්නේ
විශ්ව කරුමෙය ගත් සැමටම පල දෙන්නේ
ලින්ක් එක දෙන්න
Ei link eka apitath dapallako ban balanna.
Apitath aaasaine eka balanna.
ඕං කලර් කරපු සිංහය නොහොත් වර්ණ සිංහයගෙ සායම හේදෙන වෙලාව.අපි නැවුම් මාවතේ ඉඳන් කිව්වෙ ඕක තමයි.මුන් නැවුම් මාවත ඉඳුල් කලා.දැන් ඉතින් මූදු හතකින් නෑවත් මුන්ගෙ ගඳ අරිනව බොරු.