Exclusive : TNL රූපවාහිනියේ විකාශණ කටයුතු අත්හිටුවයි..

June 5, 2018 at 2:10 pm | lanka C news
Exclusive : TNL රූපවාහිනියේ විකාශණ කටයුතු අත්හිටුවයි..

ටීඑන්එල් රූපවාහිනියේ විකාශණාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි.

නාලිකාවේ නිල ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මේ වන විට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බවයි.

මේ වන එහි උපකරණ ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද එහි සදහන්ය.

නිසි පරිදි ගෙවිම් සිදු කර තිබිදීද විකාශණ කටයුතු මෙසේ අත්හිටුවීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද එහි දැක්වෙයි.

රූපවාහිනි නාලිකාවේ හිමිකාරීත්වය දරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහයි.

අදාල නාලිකාව නිසි අවසරයකින් තොරව විකාශණ කුළුණු පවත්වාගෙන යාම සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම කර ඇති පැමිණිල්ලක් මත අධිකරණය හමුවේ පොලීසිය විසින් කරුණු දැක්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

ඒ අනුව පොල්ගහවෙල අධිකරණය විසින් කරන ලද නියෝගයක් මත විමර්ශනයක් සිදු කිරීම සදහා විකාශන උපකරණල පොලිස් බාරයට ගත් බවද ඔහු කියා සිටියේය.

233 views
Main News