21ක් සුව වී ගෙදර යයි.. ප‍්‍රතිශතය 56% පනී.. අද වාර්තාව මෙන්න..

May 18, 2020 at 1:20 pm | lanka C news
21ක් සුව වී ගෙදර යයි.. ප‍්‍රතිශතය 56% පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදදිතව සිටි පුද්ගලයන් 21 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

එමෙන්ම එම කාලයේදී තවත් අලුත් ආසාදිතයන් 21 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඒ අනුව මෙරට රෝහල් ගතකර සිටින කොරෝනා ආසාදිතයන් ප්‍රමාණ 413කි.

සුවපත් වූ රෝගීන් සංඛ්‍යාව 559 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් තහවුරු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 981කි. සැක සහිතව 149 දෙනෙකු රෝහල්ගත කර සිටියි.

මේ සමගම නාවුක හමුදා සෙබළුන් 204 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති එම දෛනික වාර්තාව මෙසේය.

163 views

One Comment to “21ක් සුව වී ගෙදර යයි.. ප‍්‍රතිශතය 56% පනී.. අද වාර්තාව මෙන්න..”

  1. Aurora says:

    මුළු ලෝකෙම කොරෝනා සුවවෙමින් පවතිනවා, රටවල් 40ක් 90% ඉක්මවලා සුවවෙලා. ඒක පිළිබඳව ඒ රටවල් සතුටුවෙනවා ඇති. ඒ සමඟම අපේ ශ්‍රී ලංකාවෙත් කොරෝනා රෝගීන් සුවවෙනවා. ඒ පිළිබඳව අපි බොහොම සතුටින් බලාපොරොත්තු සහිතව බලා සිටිනවා. දැනට අපේ රෝගයට ගොදුරු වූවන්ගෙන් 57% සුවවෙලා, 1% මරණයට පත්වෙලා තව 42% සුවවෙමින් සිටිනවා. ඒ 42% ඉතාම ඉක්මනින් සුවවෙනවා සහතිකයි, දෙවි පිහිට ඉල්ලනවා ඔවුන්ට ඉක්මනින් සුව වෙන්න. චන්දෙට බයෙන් වෙවුලමින් ඉන්න අය වුනත් රෝගී අයට සුවය පතන්න. කොහොම වුනත් රට ආපසු යථාවත් කරන්න ඕන. පාසැල්, විශ්ව විද්‍යාල, ව්‍යාපාර රජයේ ආයතන අරින්න ඕන. දේශප්‍රේමීන්ට ජය! අනිත් අයට බය! අනිවාර්යයි.