21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

June 9, 2021 at 9:20 am | lanka C news
21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා රට විවෘත කිරීමට පෙර කොරෝනා ව්‍යාප්තිය ගැන පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු බවද කියා සිටියේය.

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14 වැනිදා ලිහිල් කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එය එළඹෙන 21 වෙනිදා දින දක්වා දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය විශේෂඥයන් රැසක් රජය දැනටමත් පෙන්වා දී තිබේ.

60,327 views

31 Comments to “21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…”

  1. Wicket says:

    මොනව කලත් නොලකත් කිරිතට් කස් ගහන්න ඉඩ දෙන්න.

  2. Gobster says:

    Lets do this, for every day the country is closed, deduct the day’s salary from those who propose this (the so called medical experts). Any bet they will never propose a lockdown again.

    • Ayotallah says:

      An excellent and practical idea and the whole country especially the daily wage category will support it

  3. Dilan says:

    පිට රටවල් වල PCR කලේ ලෙඩාට දොස්තර විසින් මූලික පරීක්ෂණයක් (preliminary diagnosis) කිරීමෙන් පසුවයි. ලංකාවේ දොස්තර ළඟටවත් එන්නේ නැහැ. ඔහේ ආණ්ඩුවේ සල්ලි නාස්ති කරනවා. හොරෙන් වැක්සින් ගහනවා.

  4. ගොනාට් අo says:

    නිවැරදි තීරණ ගන්න තරම් නන්දසේනට මොලයක් නැහැ. ඒ අතින් මහින්දට නිවැරදි තීරණ ගන්න පුලුවන් වුනා. වැරැද්ද හමුදා කාරයට පුලුවන් නියෝග හරියට ක්‍රියාත්මක කරන්න විතරයි. තීරණ ගන්න බැහැ. මේ අවුරුදු 1-1/2 ටම කිසිම තීරණයක් අරගෙන නැහැ. ඔන හොද දෙයක් අනාගන්නවා, කාබනික පෝර වැඩේ වගේ.

  5. Apeeka says:

    මේ විදිහට අවුරුද්දක් රට වහුවත් වැඩක් නෑ. වෙනදා වගේම පාරවල් වල වාහන තියෙනව. වාහන නැති දුප්පත් අය විතරයි ගෙවල් වල ඉන්නෙ. මොකද මහ විහිලුවක්.
    වහනව අර මුලින් වගේ හැම දෙයක්ම වහල දාන්න. නැත්තම් ඕන මඟුලක් වෙන්න කියල ඇරල දාන්න. මේකෙන් අසරණ වෙන්නෙ එදා වේල හොයාගෙන කන මිනිහයි.

    මේක මහ පිස්සු විකාර වැඩක්.

Leave a Comment

Main News